Divaina - කිලිනොච්චියේ බෝම්බ හැදූ හිටපු කොටියා ගැන බුද්ධි අංශ ඇහැ ගහන් ඉඳලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p1 6කිලිනොච්චිය අයියකච්චි ප‍්‍රදේශයේ නිවසක් තුළ බෝම්බයක් සකසමින් සිටියදී එය පිපිරී බරපතළ තුවාල ලැබූ කොටි ත‍්‍රස්තවාදියා පිළිබ`ද මුලින්ම තොරතුරු අනාවරණය වී ඇත්තේ ආරක්‍ෂක බුද්ධි අංශ ඉකුත් 2014 වසරේදී දියත් කළ රහසිගත මෙහෙයුමකදීය.

එතැන් සිට බුද්ධි අංශ නිරන්තරයෙන් මෙම ත‍්‍රස්තවාදියා පසුපස හඹා යමින් ඔහුගේ ක‍්‍රියාතාරකම් පිළිබ`ද නිරීක්‍ෂණය කර තිබේ. මේ අතරතුර පසුගිය යහපාලන රජය බලයට පත්වීමත් සම`ග බුද්ධි අංශ දඩයම හේතුවෙන් 2017 වසරේදී එම මෙහෙයුම නතර කර දැමීමට බුද්ධි අංශවලට සිදුවීම නිසා පසුව මෙම කොටි ත‍්‍රස්තවාදියා සැ`ගව ගොස් තිබේ.

ඉන් පසුව කිලිනොච්චියේ පිපිරීම සිදුවන තෙක් ඔහු පිළිබ`ද කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බව උසස් ආරක්‍ෂක අංශ නිලධාරියෙක් පැවසීය.

මෙම කොටි ත‍්‍රස්තවාදියාගේ සැබෑ නම චන්ද්‍රරාසන් ආත්මන් වුවද එල්ටීටීඊය විසින් මේනන් ලෙසින් නම්කර සිටි මොහු 1993-94 කාලයේ එල්ටීටීඊයට බැ`දී අවසානයේ පොට්ටු අම්මාන්ගේ නායකත්වය යටතේ කි‍්‍රයාත්මක වූ එල්ටීටීඊ බුද්ධි අංශයේ පරිණත සාමාජිකයකු ලෙස කි‍්‍රයා කළ අයකු බවද එම උසස් නිලධාරියා ස`දහන් කළේය.

යුද්ධය අවසානයේ පුනරුත්ථාපනයට ලක්ව පසුව හිටපු කොටි ත‍්‍රස්තවාදීන් එක්ව පිහිටුවාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්කාමින්ගේ පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන සිට ඇති මොහු එල්ටීටීඊයට නැවත පණ දීම ස`දහා කාලයක සිට කි‍්‍රයාත්මකව සිටින්නකු බවද මේ වන විට අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යාපනය පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් සිදු කරනු ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සමන් ගමගේ
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles