Divaina - කුසල් මෙන්ඩිස්ට ඇප - ලක්‍ෂ 10 ක් වන්දි ගෙවීමට නියෝග

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p1 5රිය අනතුරක් සිදුකර පුද්ගලයකුට මරු කැඳවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස් පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්‍ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අතිරේක මහෙස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (06දා) නියෝග කළේය.

මීට අමතරව රුපියල් ලක්‍ෂ දහයක මුදලක් මියගිය පුද්ගලයා වෙනුවෙන් වන්දි ලෙස ගෙවීමට ද නියෝග කෙරිණි.

කුසල් මෙන්ඩිස් මහතා පැදවූ සුඛෝපභෝගී රථය පෙරේදා (05දා) අලූයම පානදුර හොරේතුඩුව ප‍්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් පාපැදියක ගැටී ඇති අතර එහිදී පාපැදිකරු මියගොස් තිබිණි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ පානදුර උතුර ගොරකපළ පදිංචිව සිටි ටී. නෙවිල් පීරිස් (64) නමැති අයෙකි.

නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා ඇතුළු නීතිඥ සමාගමක් විත්තිය වෙනුවෙන් පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ පේ‍්‍රමරත්න ජයසිංහ මහතා පෙනී සිටියේය.

පානදුර උතුර පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක පාලිත කන්නන්ගර මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම නඩුව සැප්තැම්බර් 09 වැනිදා යළි කැඳවීමට නියමිතය.

බණ්ඩාරගම-එස්. පේ‍්‍රමතිලක



 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles