Divaina - දූෂිතයන් පන්නා පොලිසිය ‘පොලිෂ්’ කරමු - පොලිසිය යළි ගොඩනඟන්න

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 1- මහජන විශ්වාසය දිනාගත යුතුයි-නීතිපති පොලිස් නිලධාරීන් හමුවේ කියයි

- දූෂිත නිලධාරීන් සිටින විට අවංක නිලධාරීන්ට සිය රාජකාරිය නිසි ලෙස කළ නොහැකි වන නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින සියලූම ලොකු කුඩා දූෂිත නිලධාරීන් පන්නා දමා අවංක නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට අවශ්‍ය මාවත සකසාදීම බලධාරීන්ගේ වගකීම වන්නේ යැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස් නිලධාරීන් අමතමින් ප‍්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැනි ඉතාම වැදගත් කාර්යාංශ තිබෙන පොලිස් දෙපාර්තමේන්තුවට ශක්තිමත් පාලනයක් අවශ්‍යයි. එම දෙපාර්තමේන්තුවට අණදෙන ක‍්‍රමය නිසි ලෙස ක‍්‍රියාත්මක විය යුතුයි. කණ්ඩායමේ නායකයා නායකයකු ලෙස කටයුතු කළ යුතුයි. නායකයාට පහළින් සිටින නිලධාරීන් කණ්ඩායම පාලනය කරනවා නම් එම කණ්ඩායම් නායකයාගෙන් පලක් නැත්තා සේම ඔහු එම තනතුරට සුදුසු නැතැයි ද නීතිපතිවරයා ප‍්‍රකාශ කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ප‍්‍රමුඛ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයාගේ සංවිධායකත්වයෙන් පැවැති දේශනයකදී නීතිපතිවරයා එලෙස ප‍්‍රකාශ කළේය. එම දේශනය පසුගිය 3 වැනිදා කොළඹ ඕල්කට් මාවතේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැත්විණි. එහිදී නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මෙසේ ද ප‍්‍රකාශ කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද ඉතිහාසයේ කවදාවත් නොවූ අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා. පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වෙලා තිබෙනවා. එවැනි අවස්ථාවකදී නීතිපතිවරයා වශයෙන් මෙවැනි දේශනයක් පවත්වන විට පොලිස්පතිවරයා මෙතැන සිටිය යුතුයි. නමුත් ඔහු මෙතැන නැහැ.

දූෂිතයන් පලවාහැර හොඳ නිලධාරීන් රැකගත්තේ නැතිනම් ඉදිරියේදී අපිට රටක් නැති වෙනවා. එපමණක් නොව යුක්තිය පසිඳලීමේ පද්ධතියට මෙවැනි ක‍්‍රියා නිසා දැඩි බලපෑමක් ඇති කරනවා. මම අද මෙතනට ආවේ මේ ආයතනය නැවත ගොඩනඟන්න මිසක් තමුන්නාන්සේලාට දොස් කියන්න නෙමෙයි.

පොලිසිය නැවත ගොඩනඟන්න නම් මහජන විශ්වාසය ඇති කරන්න ඕනේ. ඒකට හිත හිතා ඉන්න කාලයක් නැහැ. ඉක්මනට ඒ සඳහා වැඩ කළ යුතුයි. මේ ආයතනය යළි ගොඩගැනීමේ වගකීම තිබෙන්නේ ඔබලාටයි. ඒ සඳහා විශේෂ පියවරක් ගත්තේ නැතිනම් මේක කරන්න බැරි වෙනවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග පිටින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටම ආපහු විකිණීමේ ජාවාරමට හසුවූයේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බොහෝ බ?රුම් හා ප‍්‍රබල විමර්ශනවල නිරතව සිටි කණ්ඩායමක්. මේ තත්ත්වය නිසා ඇතිවිය හැකි පළ විපාක ගැන මට මෙතැන අනාවැකි කියන්න බැහැ. විවෘත විමර්ශනයක් සිදු නොකළොත් ඉදිරියේදී තවත් විශාල ප‍්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ අපරාධ සිදු වූ අපරාධවලට වගකිව යුත්තේ කවුරුන්ද කියන එක සාක්‍ෂි මගින් තහවුරු කරගත යුතුයි. පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරිය මොකක්ද කියලා හරියාකාරව දැනගත යුතුයි. නිලධාරියෙක් වුණාම සියල්ලටම කලින් තමන්ගේ නම ආරක්‍ෂා කරගත යුතුයි. හොඳ නමක් ඇතිකරගන්න එක හරිම අමාරුයි. මේ කාර්යාංශයේ විතරක් නෙමෙයි පොලිසියේ ඉන්න හොඳ නම ලබාගත්තු අවංක කාර්යක්‍ෂම නිලධාරීන් රැුකගැනීම බලධාරීන්ගේ යුතුකමක්. දූෂිතයන් ඉවත් කරලා හොඳ නිලධාරීන් රැකගැනීම ඉහළ මට්ටමෙන් කළ යුතු දෙයක්.

මේ සිද්ධිය වුණේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වුණාට තමුන්නාන්සේලා සියලූ දෙනා පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් නිලධාරීන් නිසා ඒක මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම බලපානවා. ඒ නිසයි පොලිස්පතිවරයාට මෙතැනට එන්න කියලා කිව්වේ. පොලිස්පතිතුමා හරි විදියට නම් මෙතන අද ඉන්න ඕන.

පොලිස් නිලධාරීන් විදියට පුහුණුව, පළපුරුද්ද හා දැනුම ලබාගෙන දියුණු වෙන්න ඔබතුමන්ලාට අවස්ථාව තිබෙනවා. දියුණු වෙන්න ඕනා හොරකම් කරලා වැරදි වැඩ කරලා නෙමෙයි. හොරකම් කරලා දියුණුවීම ඉතාම කෙටි කාලයක් පවතින ක‍්‍රමයක්. දියුණුවෙන්න කෙටි ක‍්‍රම හොයාගෙන ගිය අය තමයි අද ඔය හිරකූඩුවල ඉන්නේ. වැරදි කළාම නීතියේ

රැුහැනට අසුවුණාම මානසිකව වැටෙනවා. ඔවුන් විතරක් නෙමෙයි ඔවුන්ගේ දෙමාපිය දරුමල්ලෝ පවා මානසිකව වැටෙනවා. පිළිකාවක් හැදුනොත් ඒක පවුලටම බලපානවා වගේ මේ පිළිකාවත් පවුලටම බලපානවා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් කණ්ඩායම් නිසි ලෙස අධීක්‍ෂණය වෙලා නැහැ. එහෙම අධීක්‍ෂණයක් වුණා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. ඒ වගකීම අධීක්‍ෂණ නිලධාරීන් භාරගත යුතුයි. මම අපරාධ කළ නිලධාරීන්ට සමාවක් දෙන්නේ නැහැ. රජය සමාවක් දෙන්නෙත් නැහැ.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර, නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඇතුළු පිරිස පිළිගනිමින් වැඩ බලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා පිළිගැනීමේ කතාව පැවැත්වූ අතර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ස්තුති කතාව පැවැත්විය.

ඒ. ජේ. ඒ. අබේනායක

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles