Divaina - මහින්දානන්දගේ චෝදනා 14 සනාථ කරන්න බෑ: කි‍්‍රකට් පරීක්‍ෂණ නවත්වයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

අසේල විතාන
 
 vicket1352011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් කළ පරීක්ෂණ නවතා දැමීමට ක‍්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය ඊයේ (03 දා* තීරණය කළේය.
 
 මහින්දානන්ද අලූත්ගමගේ මහතා කරුණු 14 ක් ඉදිරිපත් කරමින් 2011 ලෝක කුසලාන පාවාදුන් බවට කළ චෝදනා කිසිවක් සනාථ කළ නොහැකි ඒවා බවට ක‍්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය දින තුනක් පුරා කළ පරීක්ෂණවලින් අනතුරුව තීරණය කරන ලදී. ඇමැතිවරයාගේ චෝදනාව සම්බන්ධයෙන් ආරම්භ කළ පරීක්ෂණ සඳහා හිටපු ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා පැය හයක කටඋත්තරයක් ලබා දුන් අතර දෙවැනි දිනයේදී ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංග පැය දෙකක කටඋත්තරයක් ලබා දුන්නේය.
 
 අදාළ පරීක්ෂණවල තෙවැනි දිනයට කැඳවූ හිටපු නායක කුමාර් සංගක්කාර පැය නවයක් පුරා විමර්ශන ඒකකයට කරුණු ඉදිරිපත් කළ අතර එම කරුණු සලකා බලා තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍යතාවක් නැති බව ක‍්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය තීරණය කරමින් වාර්තාවක් ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ට ලබා දීමට තීරණය කළේය.
 
 ‘‘අපේ ඒකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුන අනුව තේරුම් ගියා මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම අයි. සී. සී. එකට ලිපි යොමු කළා කිව්වත් අයි. සී. සී. ය ප‍්‍රතිචාර දක්වලත් නෑ, පරීක්ෂණයක් කරලත් නෑ. අපි කටඋත්තර ගත්ත තුන්දෙනාම සාධාරණ හේතු ඉදිරිපත් කරලා තියෙනවා. කණ්ඩායම මාරු කිරීමට හේතුව තමයි විශේෂයෙන් සොයා බැලූවේ’’ යැයි පරීක්ෂණ කළ ඒකකයේ ප‍්‍රධාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘දිවයින’ ට පැවසීය.
 
 ක‍්‍රීඩා අමාත්‍යාංශයේ 2019 අංක 24 දරන ක‍්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ශන ඒකකය පිහිටුවීමෙන් අනතුරුව කළ පළමු පරීක්ෂණයද මෙය විය. වසර නවයකට පසුව ලෝක කුසලාන පාවාදීමක් සම්බන්ධයෙන් කළ චෝදනාවට තවදුරටත් කී‍්‍රඩකයන් කැඳවීම ආන්දෝලනාත්මක තත්ත්වයක් බැවින් ඒකකයේ සියලූම නිලධාරීන් ඒකමතිකව විමර්ශනය අවසන් කිරීමට තීරණය කළ බව පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles