Divaina - රාජිත - ස්වාමිනාදන් - මද්දුම බණ්ඩාර - රන්ජන් සහ අජිත් පී. යහපාලන ඇමැතිලා 5 කට ජනපති කොමිසමෙන් නොතීසි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක රියර් අද්මිරාල් ඞී. කේ. පී. දසනායක මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාළව පසුගිය රජයේ අමාත්‍යවරුන් පස් දෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කර නොතීසි නිකුත් කරන ලෙස ඊයේ (03 දා* පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා නියෝග කළේය.
 
 මෙසේ නොතීසි නිකුත් කිරීමට නියම කරන ලද්දේ වෛi රාජිත සේනාරත්න, ඞී. එම්. ස්වාමිනාදන්, රංජිත් මද්දුමබණ්ඩාර, රන්ජන් රාමනායක සහ අජිත් පී. පෙරේරා යන පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන්ටය.
 
 එසේම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වූ රවී වෛiාලංකාර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන්ට සහ ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාට ද මෙම පැමිණිල්ලට අදාළව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස ද කොමිසමේ සභාපතිවරයා නියෝග කළේය.
 
 අසත්‍ය සාක්‍ෂි මත කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමට එරෙහිව රියර් අද්මිරාල් ඞී. කේ. පී. දසනායක මහතා විසින් පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊයේ (03 දා* උදේ පැමිණිලිකරු කොමිසම ඉදිරියේ සාක්‍ෂි ලබාදුන්නේය.
 
 ඔහුගේ සාක්‍ෂි විභාගය අවසානයේදී මෙසේ පසුගිය රජයේ අදාළ අමාත්‍යවරුන් පිරිසට සහ පොලිස් නිලධාරීන් දෙදෙනකුට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කරනු ලැබිණි. එසේම මෙම පැමිණිල්ලට අදාළව ඊයේ (03 දා* මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට සහ සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා මහතාට නොතීසි නිකුත් කර තිබුණත් ඔවුහු ඊයේ දින කොමිසම හමුවේ පෙනී නොසිටියහ.
 
 මෙම පැමිණිල්ලට අදාළ වැඩිදුර විභාගය ජූලි 15 දින කැඳවීමට නියම විය.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles