Divaina - අගමැති සමග කතාවලින් පසු වරායේ වෘත්තීය සටන නවතියි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

අනුර බාලසූරිය
 
 අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා වරාය වෘත්තීය සමිති අතර ඊයේ (3දා* පැවැති සාකච්ජාවේදී චීනයෙන් මෙරටට ගෙන්වූ ග‍්‍රැන්ටි‍්‍ර දොඹකර තුන වරායේ ගොඩබෑම සඳහා එකඟතාවකට පැමිණීමෙන් පසු සිය වැඩවර්ජනය අත්හිටුවීමට වෘත්තිය සමිති එකඟත්වය පළකර තිබේ.
 
 වරාය වෘත්තීය සමිති ඉදිරිපත් කරන ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේදී සාකච්ඡුා කර විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවද අගමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
 
 මෙම සාකච්ඡුාව අගමැතිවරයාගේ තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණු අතර ඊට ඇමැති ගාමිණී ලොකුගේ මහතා ද එක්විය.
 
 වෘත්තීය සමිති ඉතිහාසයේ අරගලයකින් ජයග‍්‍රහණය ලබාගත් සංධිස්ථානයක් ලෙස මෙය දැකිය හැකි බවත්, රජයේ වෘත්තීය සමිති ලෙස තම ආයතනය ආරක්ෂා කර ගැනීමට හැකිවීම ගැන සතුටු වන බවත් පැවසූ වාණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිශීලී සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා අගමැතිවරයා සමග සාකච්ඡුා කිරීමෙන් ඇතිවී තිබෙන ගැටලූව විසඳාගත හැකි බවට විශ්වාසයක් පැවැති බව ද කීවේය.
 
 ‘‘වරාය නැගෙනහිර පර්යන්තයේ ගැටලූව යම් ප‍්‍රමාණයකින් විසඳා ගැනීමට හැකිවූ බවත්, අගමැතිවරයා සමග කළ සාකච්ජාවෙන් සාධනීය පිළිතුරක් ලබා ගැනීමට හැකිවූ බවත්, එක් පියවරක් ජයග‍්‍රහණය කිරීමට හැකිවූ බවත්, එහි දෙවන පියවර ජය ගැනීමට වෘත්තීය සමිති සමග සාකච්ඡුා කර තීරණයකට පැමිණෙ බවත්’’ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වරාය සේවක සංගමයේ සභාපති ප‍්‍රසන්න කලූතරගේ මහතා පැවසීය.
 
 වරාය පොදු සේවක සංගමයේ සභාපති චන්ද්‍රසිරි මානගේ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ යන මහත්වරු ද මෙම සාකච්ජාවට එක් වූහ.

 

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles