Divaina - කොස්ගොඩ තාරකට ඇප දෙයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

විජයසිරි විiාසේකර - කළුතර සමූහ
 
 ගිනිඅවි පෙන්වා සේවකයන් බිය ගන්වා අලූත්ගම ප‍්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නමැත්තා ඇප මත මුදාහරින ලෙස කළුතර මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා ඊයේ (03 දා* නියම කළේය.
 
 ඒ අසේල කුලරත්න සහ ශම්මි තාබෲ යන නීතිඥ මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක වන්නිඅච්චි මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප අයැදුම සලකා බැලීමෙන් අනතුරුවය.
 
 රුපියල් විසිපන්දහසක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර  ඇප 05 ක් මත මොහු මුදාහරින ලෙස විනිසුරුවරයා නියම කළේය.
 
 මෙම ඇපකරුවන් දෙදෙනකු මොහුගේ සමීප ඥාතීන් විය යුතු බවත් අනෙක් තිදෙනා රජයේ හෝ පෞද්ගලික අංශයේ ස්ථිර මාණ්ඩලික සේවයේ රාජකාරී කරන මසකට රුපියල් 65,000/- කට වැඩි මූලික වැටුපක් ලබන අය විය යුතු බවත් විනිසුරුවරයා ප‍්‍රකාශ කළේය.
 
 2018 වසරේ ජනවාරි මස 10 වැනිදා ගිනිඅවි පෙන්වා අලූත්ගම ප‍්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් 348400/- ක් වටිනා මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකෑමේ සිද්ධියට අදාළව මොහු කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණය මගින් රක්‍ෂිත බන්ධනාගාරගත කොට තිබුණි.
 
 මාතර ප‍්‍රදේශයේදී ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකා පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමේ සිද්ධියට හා අලූත්ගම හෝටලයකදී බාල වයස්කාර දැරියක් ¥ෂණය කිරීමේ සිද්ධියට අදාළව මොහු රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබ තිබේ.
 
 රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙහිදී ඔහුට ඇප ලබාදීමට විරුද්ධ විය.
 
 කළුතර අධිකරණ සංකීර්ණය අසල ඊයේ (03 දා* දැඩි ආරක්‍ෂක රැුකවල් යොදා තිබුණි. සැකකාර කොස්ගොඩ තාරක නමැත්තා ආරක්‍ෂක හේතූන් මත ඊයේ (03 දා* අධිකරණයට ඉදිරිපත් නොකරන ලදී.
 
 සැකකරු වෙනුවෙන් කනිෂ්ක වන්නිඅච්චි, අසේල කුලරත්න සහ ශම්මි තාබෲ යන නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles