Divaina - බස් රියැදුරන්ගේ විවේකාගාරය විවෘත වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

re9 1පුද්ගලික බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා ඉදිකළ විවේකාගාරය ඊයේ (01 දා) ප‍්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරිණි.

දුරගමන් සේවාවල යෙදී කොළඹට පැමිණෙන පුද්ගලික බස් රථ රියැදුරුවරුන් හා කොන්දොස්තරවරුන්ට ඔවුන්ගේ ඊළඟ ගමන් වාරය තෙක් විවේක ගැනීම සඳහා සුදුසු ස්ථානයක් නොවීය. ඇතැම් රියැදුරන් බස් රථය තු-ළම නිදාගත් අතර ඔවුන්ට ඇඳුමක් මාරු කර ගැනීමට හෝ ස්නානය කිරීමට හෝ අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් හෝ නොතිබිණි.

මේ නිසා කොන්දොස්තරවරුන්ට හා රියැදුරුවරුන්ට විවේක ගැනීම සඳහා විවේකාගාර ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව එම කොමිසම විසින් ඉදිකළ ප‍්‍රථම විවේකාගාරය පිටකොටුවේ පුද්ගලික බස් නැවතුම්පළ පරිශ‍්‍රයේදී විවෘත කෙරිණි.

මෙම විවේකාගාරය තුළ රියැදුරු හා කොන්දොස්තරවරුන් 10 කට නිදා ගැනීමට අවශ්‍ය පහසුකම් ඇති අතර තවත් 15 කට තම ගමන්වාරය එන තෙක් රැුඳී සිටීමට ද පහසුකම් තිබේ. එමෙන්ම මෙම විවේකාගාරය වායුසමනය කර තිබෙන අතර සනීපාරක්ෂක පහසුකම් ද ස්ථාපිත කර තිබේ. මාර්ග අනතුරුවලදී ප‍්‍රධාන හේතුවක් වන්නේ රියැදුරන්ට නිසි විවේකයක් ලබා ගැනීමට මෙතෙක් පහසුකම් නොමැතිවීම බව කී ඇමැතිවරයා මෙම වැඩපිළිවෙළ යටතේ ඔවුන්ට හොඳින් විවේක ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද සඳහන් කළේය.

ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් මෙම විවේකාගාරය විවෘත වූ අතර එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා ද සහභාගි විය

මෙම විවේකාගාරය තාවකාලිකව ඉදිකරන ලද්දක් වන අතර රජය විසින් කොළඹ දුම්රිය ස්ථානය, ලංගම මධ්‍යම බස් නැවතුම්පළ මෙන්ම පුද්ගලික බස් නැවතුම්පළ ද එක් කරමින් ප‍්‍රවාහන කේන්ද්‍රයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ අනුව ස්ථිර විවේකාගාර පද්ධතියක් ඉදිකිරීමට යෝජිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම අප රටේ සියලූම බස් රථ නැවතුම්පළවල් මෙන්ම දුම්රිය ස්ථාන දුම්බීමෙන් තොර කලාප බවට පත් කරන ලෙස ද අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

අරුණ බෝගහවත්ත

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles