Divaina - ජනාධිපතිවරණයේදී නරකයි කියූ එම්සීසී ගිවිසුම දැන් හොඳයිලූ - එම්සීසී පළවැනි සාකච්ඡාව කර තිබෙන්නේ ජනපති මහින්දගේ කාලයේ - සජිත් පේ‍්‍රමදාස හලාවතදී කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

re7 1මේ වන විට අපේ රටේ ජනතාව විශාල ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින මොහොතක අපි අපේ රජයක් යටතේ මේ ආර්ථික අභියෝගයෙන් ගොඩඑන්නේ කොහොමද කියා ඔබ සියලූ දෙනාට පැහැදිලි කරන්නයි මේ අවස්ථාවේදී හලාවත නගරයට පය තැබුවේ. හැබැයි මිත‍්‍රවරුනි මට තිබෙනවා විශේෂ කාරණාවක් මේ මොහොතේ කියන්න. ඒ විශේෂ කාරණාව අද දවසේත් පසුගිය කාලසීමාවේත් මහා දැවැන්ත පෙරළියක් ලෙස ආන්දෝලනයට තුඩු දුන් මාතෘකාවක්.

පසුගිය ජනාධිපතිවරණයේදී MCC ගිවිසුම පිළිබඳව බොහෝ දුරට කතා බහට ලක් වුණා. එවකට විපක්ෂයේ සිටි වර්තමාන රජය ජනතාවට පොරොන්දුවක් දුන්නා MCC ගිවිසුම සම්පූර්ණයෙන් අවලංගු කරනවා යැයි කියා. මමත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස එය අහෝසි කරන බව කීවා.

2020 මහ මැතිවරණ පුත්තලම් දිස්ත‍්‍රික් අපේක්ෂක ශාන්ත අබේසේකර මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් හලාවත නගරයේදී සමගි ජනබලවේගයේ මැතිවරණ රැලියේදී සජිත් පේ‍්‍රමදාස මහතා තවදුරටත් කතා කරමින් මෙසේද කීය.

එදා බහුතරයක් හැටනම ලක්ෂයක් මගේ ප‍්‍රතිවාදියාව ජයග‍්‍රහණය කර ආණ්ඩුව පිහිටෙව්වා. අලූත් රජය පිහිටුවලා මාසයක් ගත වුණේ නැහැ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙක් රටට ප‍්‍රකාශ කළා MCC ගිවිසුමේ 70% ක් හොඳයි කියලා. නමුත් එදා ජනපතිවරණයේ දී එහෙම ප‍්‍රකාශයක් කියවුණේ නැහැ. ජනාධිපතිවරණයේ දී කීවේ මේ ගිවිසුම වහාම ඉරා දමනවා මෙයින් වෙනම කොරිඩෝවක් නිර්මාණය වන බවයි. එහි එක පැත්තක ඇමරිකාවේ සිට අනිත් පැත්තටත් ඉතිරි ටික ශ‍්‍රී ලංකාවටත් හිමිවනවා යැයි කීවා. අටමස්ථානය, සොළොස්මස්ථානය, දළදා හාමුදුරුවන් වන්දනාමාන කර ගැනීමටත් අමෙරිකානු තානාපති කාර්යාලයෙන් බලපත‍්‍ර ගැනීමටත් සිදු වන බව කීවා. මේ වගේ බොරු කතා ව්‍යාප්ත කරලා මේ මුළු රටම රවට්ටලා සිදු කළේ එදා ඡුන්දය දිනා ගැනීමයි. හැබැයි ජයග‍්‍රහණයෙන් පස්සේ 70% ක් හොඳයි 30% ක් පමණක් නරක බවට පෙරළියක් කරා. දැන් අද දවසේ තමුන්නාන්සේලාට කියන්න පුළුවන් අර විකීලික්ස් වලින් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඇමෙරිකාවට ගිය කේබල් පණිවිඩයක මේකෙ රහස් තොරතුරු දැන් එළියට ඇවිත් තිබෙන බව. මෙම කෙරුවාවේ පළවෙනි සාකච්ඡුාව කරල තියෙන්නේ අපේ ආණ්ඩුව නෙවේ. 2006 ඔක්තෝබර් මාසයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව යටතේයි.

එවකට ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් ලීක්ස් මහතා සමඟ කොහොමද වැඬේ තව ඉස්සරහට කරගෙන ගියේ මෙහි ඇත්ත එළිවෙමින් පවතිනවා. එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් MCC ගිවිසුම පිළිබඳව ඇමෙරිකානු කණ්ඩායමක් එක්ක ගිවිසුම්ගත කර තිබෙන්නේ එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතායි. දැන් බලන්න මේ රටට කරපු මහා බොරුව 2006 MCC ගිවිසුම පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා කළ දේත් අද පවසන දෙයත් අතර වෙනස. අපි සිටින කාලයේ මේ දේශද්‍රෝහි ක‍්‍රියාවක් ලෙස රටට වින කරන ගිවිසුමක් හැටියට එදා සමාජගත කළා. මෙය ස්ථිර වුණොත් මේ රට ලේ විලක් වන බව ජනතාවට කීවා. එතකොට දැන් තේරෙනවාද මැතිවරණයේදී බොරු කියපු අය ඉන් පසුව දිනලා ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ මෙහි හොඳ නරක තෝරාගෙන තියෙන වෙනස පිළිබඳව කතන්දරය පිළිබඳව නිර්මාණය කරවූ ආකාරය. මේ කරන්නේ MCC ගිවිසුම පිතෘභාවය ලෙස සලකලා මෙරට වැසියාට ටොම් පච කියලා ඡුන්දය දිනාගෙන අහෝසි කරනවා යැයි කියු ගිවිසුම අද හොඳ වෙලා නේද. මේ විකීලික්ස් අද රහස් පණිවිඩ කේබල් වල හෙළිදරව්ව ලෝකයටම හෙළිකරමින් සිටිනවා. මේ කේබල් පණිවිඩය ඉදිරිපත් වෙලා ඉවරයි. MCCඑකේ අම්මයි තාත්තයි දෙන්නම අද පොහොට්ටුවේ ඉන්න නායකයන් පිරිස බවත් එදා MCC උපත ලබා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නමැති වර්තමාන අගමැතිතුමාගේ ජනාධිපති පාලන සමයේ උපදෙස් පරිදි බවත් මම තමුන්නාන්සේලාට කියන්න කැමැතියි. එදා කැබිනට් එකේ විරුද්ධ වුණා. මේ ගිවිසුමට ජනාධිපතිවරණයේදීත් විරුද්ධ වුණා. මේ වගේම ඉදිරියටත් මම MCC ගිවිසුමට විරුද්ධයි. ලබන 05 වැනිදට මේ රටේ ජනාතාව දුරකථනයෙන් මාව දිනවන කොට මම ඉඳුරාම තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා මේ මරු වැල කෑලි කෑලි වලට ඉරලා වීසි කර දමනවා යැයි කියා.

මේ ළඟදී දවසක වර්තමාන අගමැතිතුමා ඇමරිකාවට ගිහින් දණින් වැටිලා ඉල්ලා තිබෙනවා මේ පිළිබඳව තීරණයක් ළඟදීම ඉදිරිපත් කරන බවට. මේ පිළිබඳව එදා දහඩිය හලාගෙන විප්ලවයක් කරපු අර කාඞ්බෝඞ් දේශපේ‍්‍රමියා දැන් මිනිහට තේරේනවා එන පොට හරියන්නේ නැති බව. එදා මතකද මේ වීරයා තානාපති කාර්යාලය ඉස්සරහ මරලතෝනි දීලා උපවාස කළ. දවල්ට උපවාස කරලා ?ට බුරියානි කාලා හොඳට පදන්වෙලා හිටියා. මහින්ද රාජපක්ෂ මහත්තයට කියලත් තැඹිලි වතුරත් පොවා ගත්තා පසුවදා උපවාසයෙන් නැගිට්ටා. මේ වගේ පච වීරයෝ තමා පොහොට්ටුවේ ඉන්නේ.

මාදම්පේ - කමල් ප‍්‍රියංකර

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles