Divaina - එම්. සී. සී. ගැන කැබිනට් ඇමැති අදහස් ජනපති විමසුවා - ඇමැති විමල් කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

vimal1සහශ‍්‍ර අභියෝගතා සමායතන ගිවිසුම (එම්.සී.සී) සම්බන්ධ කැබිනට් ඇමැතිවරුන්ගේ අදහස් වෙන වෙනම ඉදිරි කැබිනට් මණ්ඩල රැුස්වීමකදී ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (01දා) පැවැති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී උපදෙස් දුන් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.

ඒ අනුව මෙම ගිවිසුම සම්බන්ධ සමාලෝචනය කර සකස් කර ඇති කමිටු වාර්තාව අධ්‍යයනය කර ගිවිසුම කි‍්‍රයාත්මක කළ යුතුද ප‍්‍රතික්‍ෂේප කළ යුතුද යන මතය ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එසේම මෙම ගිවිසුම සම්බන්ධව නිකුත් වී ඇති සමාලෝචන කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ ඉදිරිපත් කළ බවත් එහි අගමැතිවරයා සටහනක්ද යොදා ඇති බවත් විමල් වීරවංශ ඇමැතිවරයා කීවේය.

එම සටහනට අනුව මෙය ඇමරිකානු සංවර්ධන ප‍්‍රදානයක් ලෙස මතුපිටින් පෙනුනද ඇමෙරිකානු ඉන්දු පැසිපික් කලාපීය මූල උපායනට අනුව ගොඩනැගී ඇති ව්‍යාපෘති යෝජනාවලියක් විය හැකි බවත් ඒ අනුව ඇක්සා සහ සෝෆා ගිවිසුම් සමඟ ශ‍්‍රී ලංකාව ඇමෙරිකානු උපාය මාර්ග මධ්‍යස්ථානයක් විය හැකි බව අගමැතිවරයා සිය සටහන මගින් සඳහන් කර තිබෙන බවද ඇමැතිවරයා පැවැසීය.

ඒ අනුව දැනට අත්සන් කර ඇති ගිවිසුම ප‍්‍රතික්‍ෂේප කළයුතු බවත් මෙම ගිවිසුම සම්බන්ධව යම් සලකා බැලීමක් හෝ සිදුකරන්නේ නම් එහි ඇති රටට අහිතකර යෝජනා ඉවත් කිරීම හෝ සංශෝධනය කළයුතු බවද සඳහන් කර තිබෙනවා යැයිද විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කළේය.

එම්. සී. සී. සෝෆා සහ ඇක්සා යන ගිවිසුම් පසුගිය ආණ්ඩුව විසින් අටවාගිය බිම්බෝම්බ බවත් ඒවා ගලවා ඉවත් කිරීම ඉතා පරෙස්සමින් සිදුකළ යුතු බවත් එසේ නොවුණහොත් අනතුරු සිදුවිය හැකි බවත් වීරවංශ මහතා කීවේය.

එනිසා එම්. සී. සී. ගිවිසුම සම්බන්ධව හොඳින් අධ්‍යයනය කර ඒ සම්බන්ධව කටයුතු කරනු මිස විපක්‍ෂය කියන පරිදි මෙය අත්සන් කරනවාද නැද්ද කියා ප‍්‍රකාශ කරන ලෙස කරනු ලබන මැතිවරණ වේදිකාවේ ප‍්‍රකාශ වලට පිළිතුරු දිය නොහැකි බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ මහතා මේ බැව් පැවසුවේ ඊයේ (01 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles