Divaina - හොර ඔප්පු හදා අනුන්ගේ ඉඩමක් විකිණූ 5 ක් හිරගෙට

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

court33විදේශගතවී සිටි පුද්ගලයකුට අයත් රුපියල් කෝටි ගණනාවක් වටිනා පර්චස් 29 ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කොට අන් අයෙකුට අලෙවි කිරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරුවන් කරනු ලැබූ එකම පවුලේ ඥාතීන් සිව් දෙනකු ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (01 දා) බරපතළ වැඩසහිත වසර 67 ක සිරදඬුවම් නියම කළේය.

එකී සිරදඬුවම්වලට අමතරව විත්තිකරුවන් පස් දෙනාට රුපියල් 1,30,000 ක දඩයක් ගෙවීමටද නියම කළ විනිසුරුවරයා ඉඩම් හිමිකරුට රුපියල් ලක්‍ෂ 140 ක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියම කළේය.

2012 ඔක්තෝබර් 24 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කොල්ලූපිටිය මෙරින් ඩ‍්‍රයිව් හි ඇලෝයි ඇවනි්‍යු ප‍්‍රදේශයේ පිහිටි එකී ඉඩම් කොටස ව්‍යාජ ඔප්පු සකස් කොට අලෙවි කිරීම, ඒ සඳහා ආධාර දීම ඇතුළු අධිචෝදනා යටතේ කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වන කි‍්‍රස්ටි විවියන් රුද්‍රිගු, ධම්මික රුද්‍රිගු, ජෙයරාජ් අමරසිරි හෙවත් ජයන්ත, ජයන්ත රුද්‍රිගු හා චින්තා රාජපක්‍ෂ යන විත්තිකරුවන් පස්දෙනාට එලෙස දඬුවම් නියම කෙරිණි.

ඒ අනුව පළමුවන විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 25 ක සිරදඬුවම්ද, දෙවන විත්තිකරුට වසර 10 ක බරපතළ සිරදඬුවම් ද, තුන්වන විත්තිකරුට බරපතළ වැඩසහිත වසර දහයක සිරදඬුවම්ද, හතරවන විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 12 ක සිරදඬුවම්ද නියම කළ විනිසුරුවරයා පස්වන විත්තිකාරියට බරපතළ වැඩ සහිත වසර 10 ක සිරදඬුවම්ද නියම කළේය.

පළමුවන විත්තිකරුට රුපියල් පනස්දහසක දඩයක් නියම කළ විනිසුරුවරයා සෙසු විත්තිකරුවන් පස්දෙනාට රුපියල් විසිදහස බැගින් දඩ ගෙවීමට ද නියම කළේය.

එයට අමතරව ඉඩම් හිමිකරුට රුපියල් විසිලක්‍ෂයක වන්දියක් ගෙවන ලෙසට නියම කළ විනිසුරුවරයා සෙසු විත්තිකරුවන් හතරදෙනාට රුපියල් ලක්‍ෂ 30 බැගින් වන්දියක් ඉඩම් හිමිකරුට ගෙවන ලෙසටද නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles