දිවයිනේ සියලූ පාසල්වල 1 සහ 2 ශ්‍රේණි, පෙර පාසල් අගෝස්තු මස 10 වැනිදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
අධ්‍යාපන ආයතන නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඊයේ (01 වැනිදා) පැවති ඇමැති මණ්ඩල සාකච්ඡුාවේදී එම තීරණය ගෙන තිබේ.
මේ අනුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශවලට යටත්ව 1, 2 සහ පෙර පාසල් ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එසේම සියලූම ජාතික අධ්‍යාපන පීඨවල දෙවැනි වසර ශික්ෂණලාභීන් (2017/2019) සඳහා නේවාසික අධ්‍යයන කටයුතු ජූලි 07 සිට 31 වැනිදාත්, සියලූ ගුරු විද්‍යාලවල පළමු වසර හා දෙවැනි වසර ගුරු සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ජූලි 07 වැනිදාත් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ජාතික අධ්‍යාපන පීඨවල තෙවැනි වසර ශික්ෂණලාභීන් (2016/2018) තම සීමාවාසී පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා පාසල්වලට අනුයුක්ත කිරීම ජූලි මස 07 වැනිදා සිට 31 වැනිදා දක්වා සිදු කෙරේ.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවැනි වසර ශික්ෂණලාභීන් (2017/2019) සීමාවාසී පුහුණුව සඳහා පාසල් වෙත අනුයුක්ත කිරීම ද අගෝස්තු මස 10 වැනිදා සිදුකරනු ඇත.
ලසිත දුමින්ද