Divaina - කුඩු ජාවාරම් කළ නාකොටික් අයිපීට විදෙස් ගමන් තහනමක්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

airportපොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ කුඩු ජාවාරමේ ප‍්‍රධානියකු බව කියන පොලිස් පරීක්‍ෂකවරයා රටින් පලා යෑම වැළැක්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරියාට එරෙහිව අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ලබා ගෙන ඇත.

මෙම සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා හොර රහසේම රටින් පලා යෑමට උත්සාහ කරන බවට ලැබුණු තොරතුරුක් මත මෙම විදේශ ගමන් තහනම් නියෝගය ලබා ගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මේ අතර සැකකාර නිලධාරියා සැඟවී සිටින බවට සැකකරන ස්ථාන රැුසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දින කීපය තිස්සේ පරීක්‍ෂා කළ ද එම සැකකරු අදාළ ස්ථාන මඟ හැර ගොස් සිටි බව වාර්තා වෙයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උප පෙලිස් පරීක්‍ෂකවරයා සමඟ එක්ව රුපියල් කෝටි සියයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් ලබාගෙන අලෙවි කර ඇත්තේ මෙම සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මේ වනවිට මෙම ජාවාරමට සම්බන්ධ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු නිලධාරීහු සිව්දෙනකු අත්අඩංගුවට පත්ව සිටිති.

හේමන්ත රන්දුණු, සමන් ගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles