ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ ළමා කතා සහ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මිය ඊයේ (01දා) අලූයම අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට 93 වැනි වියේ පසු වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය උපාලි පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත්කළ ‘බිංදු’ ළමා පුවත්පතේ සමාරම්භක කර්තෘ ලෙස ද කටයුතු කළාය. 04 - පිිටුවට
වසර 60ක පමණ කාලයක් තිස්සේ ළමා චිත්‍ර කතා පොත් සහ ළමා චිත්‍ර නිර්මාණයේ නිරත වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය ළමා චිත්‍රකතා පොත් දෙසීයකට අධික සංඛ්‍යාවක් එළිදක්වා ඇත. ඇය විසින් නිර්මාණය කළ මෙම ළමා චිත්‍ර පොත් රැුසක් දෙමළ, ඉංග්‍රීසි සහ විදෙස් භාෂා රැුසකට පරිවර්තනය කර තිබේ.
සිබිල් නැන්දා ලෙසින් ළමුන් අතර ආදරය දිනා ගත් සිබිල් වෙත්තසිංහ මහත්මිය නිර්මාණය කළ ළමා චිත්‍ර කතා පොත් අතර ‘සූත්තර පුංචා’ ළමා කතාව දරුවන්්්්් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.
ඇයගේ දේහය හෙට (03දා) පස්වරු 3.00 දක්වා බොරැුල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත. ආදාහන කටයුතු හෙට (03දා) සවස බොරැුල්ල කනත්ත සුසාන භූමියේදී සිදුකෙරේ.
- Hits: 462