Divaina - සති 3 ක පොලිස් මෙහෙයුමෙන් පාතාලයේ ගිනි අවි 122 ක් - සැකකරුවෝ 10,968 ක් දැලේ

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

n1 1පසුගිය සති තුනක කාලයක් තුළ පොලිසිය කළ මෙහෙයුම්වලදී පාතාල ලෝකයේ සන්නද්ධ කණ්ඩායම්වලට අයත් ටී 56 ගිනි අවි ඇතුළු අවි ආයුධ 122 ක් අත්අඩංගුවට ගෙන ඇත. 04 - පිිටුවට

මේ අතර හෙරොයින් ජාවාරම්, පාතාල අපරාධ ඇතුළු තවත් දරුණු අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 10,968 දෙනකු මෙම සති තුන තුළදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

රට පුරා සිටින පාතාල කල්ලි සාමාජිකයන් මෙන්ම හෙරොයින් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය කි‍්‍රයාත්මක කළ මෙහෙයුවලදී මෙම අවි ආයුධ සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ද සේනාරත්න මහතා කියා සිටියි.

මේ අතර මෙම සති තුනක කාල සීමාවේදී පොලිසිය කළ මෙහෙයුම්වලදී රුපියල් කෝටි දහයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් ද අත්අඩංගුවට ගැනීමට හැකි විය.

හේමන්ත රන්දුණු, සමන් ගමගේ

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles