Divaina - කුඩු ජාවාරම් කළ නාකොටික් සෙට් එකේ කෝටි ගණනක දේපළ හා බැංකු ගිණුම් 3 ක් සොයා ගැනේ

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 6මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායම එම ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බවට සැක කරන ඉඩම්, වාහන ඇතුළු රුපියල් කෝටි ගණනක දේපළ සහ රුපියල් තිස් ලක්ෂයක මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් 03 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01 දා) වනවිට සොයාගෙන තිබේ.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඔවුන් උපයා ගත් බවට සැක කරන තවත් රුපියල් කෝටි ගණනක දේපළ සහ මුදල් සොයා ගැනීමට නියමිත බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

මේ වනවිට සොයාගෙන ඇති දේපළ අතර රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 04 ක්, සුඛෝපභෝගී වාහන 04 ක් සහ තවත් දේපළ ද තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ වනවිට හඳුනාගෙන ඇති දේපළවල වටිනාකම තක්සේරු කර නොමැති අතර එය ඉදිරි දිනවලදී තක්සේරු කිරීමට නියමිත බව ද පැවසේ.

මෙම ජාවාරමේ යෙදුණු බවට සැකකරන උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් සිවු දෙනකුගේ සහ ඔවුන්ගේ සමීපතම ඥාතීන්ගේ වත්කම් පිළිබඳව සෙවීමට වෙනම විමර්ශනයක් පවත්වාගෙන යන බව ද පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡුාවේදී මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.

හේමන්ත රන්දුණු

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles