Divaina - කුමාර සංගක්කාර අයිසීසී සභාපති ධුරයට පත්වීම වැළැක්වීමට මහින්දානන්ද කුමන්ත‍්‍රණයක

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 අකිත පෙරේරා
 
ajits කීර්තිමත් රාජ්‍ය තාන්ත‍්‍රිකයකු වන ජයන්ත ධනපාල මහතාට එදා එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය ලබා නොදීමට කටයුතු කළා සේ මෙවර කුමාර සංගක්කාර ලෝක කි‍්‍රකට් කවුන්සිලයේ (අයි.සී.සී* සභාපති ධුරයට පත්වීම වැළැක්වීමට 2011 ලෝක කුසලානය පාවා දුන් බව කියමින් මහින්දානන්ද අලූත්ගමගේ කුමන්ත‍්‍රණයක නියැලෙන බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
 
 සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (30 දා* පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
 
 මේ රටේ දේශපාලන සංධානයක් ගොඩනගන්න අවස්ථාවක් නෑ කියලා අපේ ප‍්‍රතිවාදීන් ප‍්‍රකාශ කර තිබුණා. නමුත් අපි දැවැන්ත දේශපාලන සංධානයක් ගොඩනගන්න මේ වනවිට සමත් වෙලා තිබෙනවා.
 
 මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සමගි ජන බලවේගයට බොහොම භයයි. ඔහු හීනෙනුත් කියවන්නේ සමගි ජන බලවේගය ගැනයි. සජිත් පේ‍්‍රමදාස මහතාට ඔහු පුද්ගලිකවම අභියෝග කරන මට්ටමට ඇවිත් තිබෙනවා.
 
 මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා ප‍්‍රකාශ කළ කාරණා තුනක් ගණන් ගන්න එපා කියලා. මොනවාද ඒ. කරුණා අම්මාන් කරපු පාපොච්චාරණය ගණන් ගන්න එපා කිව්වා. සෙබළු විශාල පිරිසක් ඝාතනය කිරීම යනු කරුණා අම්මාන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබෙන වැඩක්. දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නම් මිනී මැරීම කියන්නේ මරණීය දණ්ඩනය ලැබෙන වරදක්.
 
 පාපොච්චාරණ තමන්ම කැමැත්තෙන්ම කර තිබෙනවා නම් එය සාක්ෂි ආඥා පනත අනුව අධිකරණයක් ඉදිරියේදී සාක්ෂි ලෙස අදාළ වෙනවා.
 
 අපරාධකරුවකු තමන්ම කියනවා එක් තැනක 3000 ක් තව තැනක 2000 ක් මැරුවා කියලා. එම සිද්ධීන් සත්‍යය බව අපි දන්නවා. කරුණා ඊට නායකත්වය දීලා තිබෙනවා. ඒ අනුව කරුණා අම්මාන් වහාම අත්අඩංගුවට ගත යුතුව තිබෙනවා.
 
 හැබැයි එහෙම අත්අඩංගුවට ගෙන, මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දිය යුතුයි.
 
 ත‍්‍රස්තවාදියාගේ පාපොච්චාරණය ගණන් ගන්න එපා කියලා මහින්ද රාජපක්ෂ මහතා කියනවා නම් නීතිය පිළිබඳ දන්නා අපිට සහ මහින්ද රාජපක්ෂ වැනි නීතිඥ මහත්තයෙක් මේක කියන කොට ඇත්ත වශයෙන්ම බරපතළ කම්පාවක් ඇති වෙනවා. කරුණාට මුක්තියක් නෑ. මුක්තියක් තියෙන්නේ ජනාධිපතිට විතරයි. ඒත් ඒ ජනාධිපතිකම දරන කාලයට විතරයි.
 
 අපරාධයක් කළ ඕනෑම කෙනෙකුට දඬුවම් කළ යුතුයි. කල් ගතවීම් හෝ කාලාවරෝධය ප‍්‍රශ්නයක් නොවෙයි. ඕනෑම දවසක සාක්ෂි හෙළිදරව් වෙනවා නම් ඒ තැනැත්තාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ හැකියි.
 
 මහින්ද රාජපක්ෂ කියන්නේ නීතිය බලවත් මිනිසාට අදාළ නැති පොඩි මිනිසාට විතරක් අදාළ සමාජයක් ඇති කරන්න යනවා කියලයි. ඒකනේ ගණන් ගන්න එපා කියලා එයා කියන්නේ. මේ රට නිදහස් කරගන්න සටන් වැදුනු වීරෝධාර රණවිරුවන්ට සහ ඒ අයගේ පවුල්වලට තමයි මේ කියන්නේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා කියනවා තොණ්ඩමන් මහතාගේ අවමඟුල වෙලාවේ නිරෝධායන නීති කඩ කරලා විශාල අවදානමක් අරගත්තු ඒ නරක ආදර්ශයත් ගණන් ගන්න එපාලූ. ආයෙත් කියන්නේ බලවතාට එක නීතියක්. පොඩි මිනිසාට තව නීතියක්.
 
 නිරෝධායන නීති කඩ කළා කියලා දහස් ගණනක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. වාහන කීයක් නම් පොලිස් භාරයට ගත්තාද ඒත් තොන්ඩමන්ගේ අවමඟුල වෙලාවේදී ඒ කිසිවක් නෑ.
 
 2011 වන විට මේ රටේ කී‍්‍රඩා ඇමැතිවරයා විදිහට ඉන්දැද්දි කි‍්‍රකට් ලෝක කුසලානය ඉන්දියාවට පාවාදෙන්න කටයුතු කළා කියන චෝදනාව හරහා මතු වෙලා තිබෙන සමාජ ප‍්‍රශ්නය ගණන් ගන්න එපාලූ. මහින්දානන්ද ඇත්ත කියනවා නම් එය විභාග කළ යුතු ප‍්‍රශ්නයක්.
 
 මෙවර කි‍්‍රකට් අයි.සී.සී. සභාපතිධුරය තිබෙන්නේ ආසියාවට. ඒ සඳහා කීර්තිමත් කී‍්‍රඩකයෙක් වන අපේ කුමාර සංගක්කාර පත් කර ගත යුතුයි කියලා අදහසක් තිබෙනවා. ඔහුගේ පරිපාලන දක්ෂතාව, නොකැලැල් කි‍්‍රකට් ඉතිහාසය සහ කී‍්‍රඩා දක්ෂතා සලකලයි. දැන් සංගක්කාර නායකත්වය දරපු කණ්ඩායමටයි මේ අය මේ බරපතළ චෝදනාව කළේ. එහෙම කළේ සංගක්කාරට එම තනතුර ලබාදීම වැළැක්වීමටද කියන ප‍්‍රශ්නය අපට තිබෙනවා.
 
 සංගක්කාර සමග තරග කරන වෙනත් රටක අයෙකුට වාසියක් ගෙනදීමටද මේ චෝදනාව කළේ කියන සැකය අපිට තිබෙනවා.
 
 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරක් සඳහා මීට පෙර අවස්ථාවක් උදාවුණා. එවකට ජයන්ත ධනපාල මහතාට ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලතල දැරූ කීර්තිමත් රාජ්‍ය තාන්ති‍්‍රකයෙක් බවට පත් වෙලායි සිටියේ. ආසියාවට ලැබුණු අවස්ථාව දකුණු කොරියාවේ අයෙකු වන බැංකිමූන්ට ලබා දෙන්න මහින්ද රාජපක්ෂ ඒ අවස්ථාවේ කටයුතු කළා. මහින්ද රාජපක්ෂගේ සහාය ලැබුණේ තමන්ගේ රටේ කෙනාට නොවෙයි.
 
 දැන් නැවත වරක් අපිට විශිෂ්ටතම සංවිධානයක සභාපති ධුරය ලැබීමට නියමිතව තිබියදී සංගක්කාරගේ මේ පත්වීම තුළිින් රටට කීර්තියක් ලබාදීම වැළැක්වීමට කුමන්ත‍්‍රණයක් දියත් වෙනවා කියන සැකය අපිට තිබෙනවා.
 
 දැන් වසර 70 ක් විතර පැරණි ද ෆිනෑන්ස් ආයතනය ඈවර කිරීමට රජය තීරණය කර තිබෙනවා. එහි සේවකයින් 5000 ක් පමණ මේ වන විට බරපතළ ගැටලූවකට ලක්වී තිබෙනවා. ලක්ෂ 06ක් දක්වා තැන්පතුවලට පමණක් ආපසු ගෙවීමක් කරන බව මහ බැංකුව ප‍්‍රකාශ කර තිබෙනවා. ඊට වඩා මුදල් තැන්පත් කරපු අය දස දහසකට වඩා සිටිනවා. ඒ අය තමන්ගේ ඊටීඑෆ් මුදල් නැත්නම් තමන්ගේ ඉඩම් විකුණා ලද මුදල් වැඩි පොළියක් අපේක්ෂාවෙන් ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත් කළා.
 
 මේ අයට සහන දෙන්න ඊයේ තිබුණු ජනාධිපති සමග සාකච්ඡුාව අසාර්ථක වෙලා තිබෙනවා. අපි සමගි ජන බලවේගය විදිහට කියනවා අපි ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ අයට සාධාරණයක් අපි ඉටු කරනවා. මේ රජයටත් අපි කියනවා ඒ අයට සාධාරණය ඉටු කරන්න කියලා.
 
 හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර් මහතා-
 
 රාජපක්ෂලා හැම අවස්ථාවක දේශපේ‍්‍රමීත්වය ඇවිස්සුවා, ජාතිවාදය වැපිරුවා. ඒත් මෙවර ඒක කර ගන්න බැරිව වළේ වැටිලා සිටිනවා. මේ කරුණාගේ ප‍්‍රකාශයත් සමග. හෙට අනිද්දා කරුණා කිව්වොත් දළදා ස්වාමීන් වහන්සේට බෝම්බ ගැහුවේ අපි තමයි කියලා ඒත් අපි පුදුම වෙන්නේ නෑ.
 
 ඒ වගේම අරන්තලාවේ භික්ෂු ඝාතනය කළේ අපි තමයි කියලා කරුණා කිව්වොත් මහින්ද රාජපක්ෂ කියයිද දන්නේ නෑ ඒක පොඩි දෙයක් අමතක කරලා දාන්න කියලා. හමුදා සාමාජිකයින්ගේ වීරත්වය භාවිතා කර ඡුන්ද ලබා ගන්නයි. ඒ වීර හමුදා නිලධාරීන් තමන් මරාදැමුවා කියලා ත‍්‍රස්ත නායකයෙක් කියද්දී ඒක අමතක කරන්නයි කියලා කියනවා නම් මොකක්ද මේ බොරු දේශපේ‍්‍රමීත්වය කියලා අපිට නම් තේරෙන්නේ නෑ.
 
 ඒ වගේම දැන් මේ අය කියවනවා එම්.සී.සී. ගිවිසුම ගැන විවිධ කමිටු දාලා නිර්දේශ අරගෙන මොකක්ද මේ කරන්න යන්නේ ඡුන්දෙන් පසුව මේ ගිවිසුම අත්සන් කරාවි. ඒත් අපි කියනවා සමගි ජන බලවේගය ලෙස අපේ රජයක් යටතේ මේ එම්.සී.සී. අත්සන් කරන්නේ නෑ කියලා.
 
 දැන් බලන්න මේ මාස හය ඇතුළත මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපි‍්‍රයතාවය කොතරම් අඩුවුණාද කියලා. ඒ අයම කරන සමීක්ෂණවලින් ඒ බව පැහැදිලි වෙලා තිබෙනවා.
 
 මේ කොරෝනා තත්ත්වය නිසා සෑම ජන කොට්ඨාසයක්ම අසරණ වෙලා සිටින්නේ. පාසල් ආරම්භ කරන විට දෙමවුපියන්ට තවත් ප‍්‍රශ්න මතුවේවි. ඒ නිසා අපි කියනවා අපේ රජයක් යටතේ දරුවන්ට නොමිලේ දිවා ආහාරය ලබා දෙනවා විතරක් නොවෙයි පුද්ගලික බස් රථ හිමියන්ට සහ ති‍්‍රවීල් රථ හිමියන්ට මාස හයක ලීසිං සහනයක් ලබා දෙනවා කියලා.
 
 ඒ වගේම රාජ්‍ය සේවකයින්ට අපි කියනවා ඔබගේ වැටුප සත පහක්වත් කපන්නේ නෑ කියලා.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles