සමන් ගමගේ
එක් අවියකින් ශබ්දය නොඇසෙන්න වෙඩි තියන්න පු`ථවන්
මත්කුඩු ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිව්දෙනා අතරින් එක් අයකු ස`ගවා තබාගෙන සිටි ගිනි අවි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (29 වැනිදා* අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ පිහිටි අදාළ සැකකාර නිලධාරියාගේ සොහොයුරකුගේ නිවසේ තිබී මෙම ගිනි අවි දෙක සොයාගෙන ඇතැයි පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම ගිනි අවි දෙකින් එක් අවියක් ශබ්දය පිට නොවන සේ වෙඩි තැබීම සඳහා සිලින්සරයක් සවි කිරීමට හැකි පරිදි සැකසූ එකක් බව ද හෙතෙම සඳහන් කළේය.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන කුඩු තොග ජාවාරම් කිරීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රැඳවුම් නියෝග මත සිටින පොලිස් නිලධාරීන් පිරිස මහා පරිමාණ කුඩු ජාවාරම්කාරියක වන ‘තොටළ`ග පොඞ්ඩි’ නමැත්තියට ද මත් කුඩු තොග ලබා දී තිබෙන බව විමර්ශනවලදී හෙළිවී ඇත.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි සිදුකළ මෙම ජාවාරම්කාර නිලධාරීන් පිරිස පිළිබඳ මුලින්ම විමර්ශන සිදුකර සියල්ල හෙළිකර ගත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ම වෙනත් විමර්ශන කණ්ඩායමක් මගින් මේ බව අනාවරණය කර ගෙන තිබේ.