Divaina - ජනපති කොමිසමේ රහස් පොලිස් ඒකකයට චම්පික පැය 2ක් උත්තර බඳී

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
champiksd135හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (30 දා* උදේ පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසමට අනුයුක්ත රහස් පොලිස් ඒකකය වෙත පැමිණ පැය දෙකක පමණ කාලයක් ප‍්‍රකාශ ලබාදී තිබේ.
 
 දැනට එම කොමිෂන් සභාව හමුවේ විභාග වන ඇවන්ගාඞ් සමාගමේ පැමිණිල්ලට අදාළව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා කොමිසම විසින් වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබේ.
 
 ඒ අනුව කොමිසමේ රහස් පොලිස් ඒකකය වෙත පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස කරන ලද දැනුම්දීම මත චම්පික රණවක මහතා මෙසේ ඊයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පිහිටා ඇති මේ කොමිසමේ රහස් පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.
 
 ඇවන්ගාඞ් පැමිණිල්ලට අදාළ කරුණු සම්බන්ධයෙන් හිටපු ඇමැති චම්පික රණවක මහතාගෙන් ප‍්‍රශ්න කර ඇති බව එම රහස් පොලිස් ඒකකයේ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත. රණවක මහතා ඊයේ උදේ 9.20 ට පමණ කොමිසමේ රහස් පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles