Divaina - මැතිවරණ නීති අද සිට තදින්.. මැ. කො. පොලිසියට දන්වයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

රනිල් ධර්මසේන
 
makossපාර්ලිමේන්තු මහ මැතිවරණයේ අවසන් සති පහක කාලය ආරම්භ වී ඇති බැවින් වහාම කි‍්‍රයාත්මක වන පරිදි මැතිවරණ නීති අද (01 දා* සිට තදින්ම කි‍්‍රයාත්මක කරන ලෙස මැතිවරණ කොමිසම පොලිසියට දැනුම්දී ඇත.
 
 පක්ෂ කාර්යාලයක ප‍්‍රදර්ශනය කළ හැක්කේ පක්ෂ ලාංඡුනය හා පක්ෂයේ නම පමණක් වන අතර අපේක්ෂකයන්ගේ රුව හෝ අංකය සහිත කටවුට්, බැනර් හෝ පෝස්ටර් ප‍්‍රදර්ශනය කිරීම 1981 අංක 01 දරන මැතිවරණ පනතට අනුව නීති විරෝධී බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ඊයේ (30 දා* පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
 
 යම් රැුස්වීම් භූමියක අපේක්ෂක බැනර් හෝ කටවුට් ප‍්‍රදර්ශනය කළ හැකි නමුත් රැුස්වීම අවසානයේදී ඒවා ඉවත් කළ යුතු අතර දිගටම ප‍්‍රදර්ශනය කිරීම තහනම් බව ද හෙතෙම කීය. අපේක්ෂකයාට නම, මනාප අංකය ඡුන්ද දායකයාට දැනුම් දීමට ගෙන් ගෙට යෑමට අවසර ඇති බව ද ඒ මහතා කීය.
 
 එමෙන්ම අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ පමණක් ප‍්‍රචාරක ස්ටිකරයක් ප‍්‍රදර්ශනය කළ හැකි නමුත් වෙනත් වාහනවල එවැනි ප‍්‍රචාරක ස්ටිකර් ප‍්‍රදර්ශනය කළහොත් එම වාහන අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට ඇති බව ද දේශපි‍්‍රය මහතා කියා සිටියේය.
 
 පසුගිය දින කිහිපයේ ප‍්‍රචාරක කටයුතු පැවතිය ද කිසිදු ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් වාර්තා වී නැති බවත් එය සතු-ටුදායක තත්ත්වයක් බව ද කී ඒ මහතා ඉදිරි දිනවල ද නීතිය තදින් කි‍්‍රයාත්මක කිරීමට පොලිසියට දැනුම් දී ඇති බව සඳහන් කළේය.
 
 මෙවර මැතිවරණ කි‍්‍රයාවලිය සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය ආරක්ෂක කි‍්‍රයාවලියක් විය යුතු අතර ඒ පිළිබඳව නීතිය කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව රෙගු-ලාසියක් බවට පත් කළ යුතු යැයි ද ඉදිරි දින කිහිපයේදී එය ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කීය.
 
 ඡුන්ද පොළ හා ගණන් කිරීමේ කටයුතු සඳහා යොදවන නිලධාරීන්ට මුඛ ආවරණ ලබාදිය යුතු- බවත් ඒ සඳහා මුඛ ආවරණ ලක්ෂ තුනහමාරක් පමණ අවශ්‍ය වන බවත් ඒ මහතා සඳහන් කළේය.
 


 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles