Divaina - සාක්‍ෂි ඇත්නම් ගෝඨාභය අල්ලන්න... පාඨලී කිව්වා... දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් කැඳවා අරලියගහ මැඳුරේදී නඩු ගැන කතා කළා...

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ජනපති කොමිසමේදී සුහද ගම්ලත් කියයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 patalisගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව සාක්‍ෂි තිබේ නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වරක් තමාට අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවකදී ප‍්‍රකාශ කළ බව හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ඊයේ (30 දා* පසුගිය රජයේ දේශපාලන පලිගැනීම් පරීක්‍ෂා කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති රැුස්වීමකින් පසු තමා එළියට පැමිණෙමින් සිටියදී ඇමැති පාඨලී රණවක මහතා හමුවූ බවත් එහිදී ඔහු ඒ බව තමාට කියා සිටි බවත් සුහද ගම්ලත් මහතා කොමිසම හමුවේ පවසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප‍්‍රකාශ කළේය.

අරලියගහ මන්දිරයේ දී පැවැති එම සාකච්ඡුාවේදී දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් කැඳවා නඩු ගැන සාකච්ඡුා කළ බවද සුහද ගම්ලත් මහතා කීවේය.

මෙසේ දේශපාලනඥයින් පිරිසක් වටකරගෙන රාජ්‍ය නිලධාරීන් කැඳවා විභාග වන නඩු ගැන ප‍්‍රශ්න කිරීමේ කි‍්‍රයාදාමයක් පසුගිය රජය සමයේදී පැවැති බවත් එම සම්පූර්ණ ක‍්‍රියාදාමයම වැරදි බවත් සඳහන් කළ සුහද ගම්ලත් මහතා කියා සිටියේ එමගින් රටේ යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලිය දේශපාලනීකරණය වූ බවයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එවැනි එක් රැුස්වීමකට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පවා සහභාගි වී සිටි බවද එම එක්

රැුස්වීමක තමා ඉදිරියෙන් වාඩි වී සිටියේ අර්ජුන මහේන්ද්‍රන් බවද සාක්‍ෂිකරු කොමිසමට කීවේය.

රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා විසින් අසන ලද හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා මේ බව කීවේය.

වරක් තමා මංගල උත්සවයක සිටියදී නීතිඥ උපුල් ජයසූරිය මහතා තමාට දුරකථන ඇමතුමක් ලබා දී

අගමැතිතුමා (රනිල් වික‍්‍රමසිංහ මහතා* ඔබ එනකම් බලාගෙන සිටින බව දැනුම් දුන් බවද ඒ අනුව තමා අරලිගහ මන්දිරයට යන විට එහි විශාල රැුස්වීමක් පැවැති බවද කීවේය.

එම රැුස්වීම එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති බවද තමා එම රැුස්වීමට ගොස් ටික වේලාවකින් නඩු ගැන කතා කිරීමට පටන් ගත් බවද සාක්‍ෂිකරු කීවේය.

මෙසේ එම රැුස්වීම්වලට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ගෙන්වාගෙන එම විභාග වෙමින් පවතින නඩු ගැන ප‍්‍රශ්න කිරීම් සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

මෙවැනි එක් රැුස්වීමක් වරක් එවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ කාර්යාලයේදී පැවැති බවද සඳහන් කළ සුහද ගම්ලත් කීවේ මින් පෙර කිසිදු අවස්ථාවක රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලනඥයින් හමුවට කැඳවා නඩු සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වීමේ සම්ප‍්‍රදායක් නොතිබූ බවයි.

අර නඩුවට මොකද වෙලා තියෙන්නේ මේ නඩුවේ තත්ත්වය කොහොමද කියමින් නඩුවල තත්ත්වය ගැන රාජ්‍ය නිලධාරීන් කැඳවා මේ රැුස්වීම්වලදී ප‍්‍රශ්න කළ බවද සාක්‍ෂිකරු අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් කීවේය.

මෙසේ දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් කැඳවා නඩුවල තත්ත්වය ගැන විමසන සාකච්ඡුාවලට

සහභාගිවීමට තමා කැමැති නොවූ බවද එහෙත් නීතිපතිවරයාගේ දැනුම්දීම මත තමාට එම රැුස්වීම්වලට සහභාගි වීමට සිදුවූ බවද සුහද ගම්ලත් මහතා කොමිසමට කියා සිටියේය.

මේ සාකච්ඡුාවලදී ඇවන්ගාඞ් නඩුව සහ ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ හා නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම ගැනද සාකච්ඡුා වූ බවත් තමා එයට එක`ග නොවූ බවත් කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු තවදුරටත් කොමිසමට කියා සිටියේය.

කොමිසම ඊයේ (30 දා* උදේ 10.30 ට පමණ එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්විය.

ඇවන්ගාඞ් සමාගමේ පැමිණිලිල්ලට අදාළ මෙම විභාගය යළි ජූලි 16 දින සවස 2.00 ට කැඳවීමට කොමිසමේ සභාපතිවරයා නියෝග කළේය.
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles