Divaina - නාකොටික් ගේම ගැසූ ලොක්කා අතුරුදන් - අත්අඩංගුවට ගත් 4 දෙනාගේ වැඩ තහනම්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 13ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් රුපියල් කෝටි සියයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් සොරාගෙන ඒවා අලෙවි කළ බවට චෝදනා ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂකවරයා අතුරුදන්ව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔහු පදිංචි නිවස සහ සැඟවී සිටින බවට සැකකරන ස්ථාන පරීක්‍ෂා කළ ද එම නිලධාරියා එම ස්ථානවල නොසිටි බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

ඩුබායිහී සැඟව සිටින ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශ‍්‍රී ලංකාවට එවනු ලැබූ කිලෝග‍්‍රෑම් 250 කට ආසන්න හෙරොයින් තොගයෙන් කිලෝ 90 ක ප‍්‍රමාණයක් සොරාගෙන ඒවා වෙනත් ජාවාරම්කරුවන් පිරිසකට අලෙවි කිරීම සඳහා ලබාදුන් මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරී කණ්ඩායමට නායකත්වය ලබාදී ඇත්තේ මෙම සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මේ වනවිට මත්ද්‍රව්‍ය නාශක අංශයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු නිලධාරීන් 04ක් මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන තිබේ.

ආන්දෝලනාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උප පොලිස් පරීක්‍ෂකවරයා සහ සැරයන්වරුන් දෙදෙනා සහ පොලිස් කොස්තාපල්වරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ උප පොලිස් පරීක්‍ෂක උදාර පේ‍්‍රමසිරි, සැරයන්වරුන් වන ධනුෂ්ක, වීරසිංහ සහ කොස්තාපල් රත්නායක යන නිලධාරීන් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

හේමන්ත රන්දුණු
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles