Divaina - මුදල් ණයට දීමේ ක‍්‍රියාකාරකම් නියාමනයට නීතියේ රාමුවක් අවශ්‍යයි - මහ බැංකුව කියයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

- දැනට නියාමනයට ලක් නොවන විවිධ ආයතන සහ පුද්ගලයන්ගේ මුදල් ණයට දීමේ ක‍්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් පැනවීමේ අවශ්‍යතාවක් පවතින බව මහ බැංකුව පවසයි.

- අනාගතයේ දී, මුදල් ණයට දෙන ආයතන සඳහා වඩා යහපත් සහ ඵලදායී නියාමන පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා මේ නෛතික රාමුවක් පැනවිය යුතු බවද මහ බැංකුව කියයි.

එබැවින්, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද, යෝජිත ක්‍ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත පැනවීමේ අවශ්‍යතාව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කර සිටී.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි වීම කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ යෙදීම සඳහා අනිවාර්ය වන අතර එවැනි ලියාපදිංචියකින් තොරව එම ව්‍යාපාරයේ නිරත වීම කල්බදු මූල්‍යකරණ පනත යටතේ ද`ඩුවම් ලැබිය හැකි වරදකි.

මෑතක දී කල්බදු මූල්‍යකරණ පහසුකම් ලබා දෙන බවට සඳහන් වූ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතනයක සේවකයන් විසින් සිදු කරන ලද පහර දීමකින් පුද්ගලයකු මරණයට පත් වීමේ සිද්ධිය පිළිබඳව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.

ඉහත සඳහන් කළ ආයතනය කල්බදු මූල්‍යකරණයේ නිරත වීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී නැති අතර, ඒ අනුව ඉහත ආයතනය කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ නිරත වී ඇත්නම් එය අපරාධමය වරදක් වේ. මෙවැනි නීති විරෝධී ක‍්‍රියාවන් සම්බන්ධයෙන් නිසි තොරතුරු ලද වහාම ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කරනු ඇත.

කල්බදු මූල්‍යකරණ පහසුකම් ලබා දෙන ආයතන කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි වීම අත්‍යාවශ්‍ය වන බැවින් කල්බදු මූල්‍යකරණ පනත යටතේ ශ‍්‍රී ලංකා මහ බැංකුව මගින් ලියාපදිංචි කරන ලද කල්බදු මූල්‍යකරණ ආයතනවලින් පමණක් කල්බදු මූල්‍යකරණ පහසුකම ලබා ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ. කෙසේ වෙතත්, 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනත යටතේ කුලීපිට ගැනුම් ක‍්‍රියාකාරකම් සිදු කිරීම සඳහා එවැනි ලියාපදිංචියක් අවශ්‍ය නොවේ. එබැවින්, කල්බදු මූල්‍යකරණ පහසුකම් ලබා ගැනීමේ දී විමසිලිමත් වන ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයන්හි නාම ලේඛනයක් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙහි දක්වා ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2000 අංක 4 සහ 5 දරන චක‍්‍රලේඛ මගින් නිවේදනය කරන ලද ණය ගෙවීමේ සහන කාලය කල්බදු මූල්‍යකරණ පහසුකම් සම්බන්ධයෙන් අදාළ වනුයේ ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනවලට පමණක් වන අතර ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට සහ අධීක්ෂණයට ලක් වනු ලබන්නේ ද එම ආයතන පමණක් බවද මහ බැංකුව තවදුරටත් කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles