Divaina - වගඋත්තරකාර වැඩබලන පොලිස්පති වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ- නීතිපති

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

- ගිහාන් පිලපිටිය ගොනු කළ පෙත්සම

- රටපුරා මහත් ආන්දෝලනයක් ඇති කළ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරු ලෙස නම් කිරීමට එරෙහිව හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේදී නියෝජනයක් සිදුනොකරන බව අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඊයේ (29 දා* අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

වැඩබලන පොලිස්පතිවරයා විසින් එකී නඩු කටයුත්තට අදාළව නීතිපතිවරයා විසින් ලබාදෙන ලද නීතිමය උපදෙස් පිළිපැදීමක් සිදුකර නොමැති බැවින් ඔහු වෙනුවෙන් පෙනී නොසිටින බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඞී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.

ගිහාන් පිලපිටිය මහතා විසින් ගොනුකර ඇති රිට් ආඥා පෙත්සම ලබන ජුලි 31 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළ අතර පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා එදින ගොනු කිරීමට පියවර ගන්නා ලෙසට ද නීතිපතිවරයාට විනිසුරු මඬුල්ල නියෝග කළේය. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හඬපට සිද්ධියේ සැකකරුවකු කරමින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලූ නුගේගොඩ මහෙස්ත‍්‍රාත්වරයා විසින් තමන්ව අධිකරණයට කැඳවමින් නිකුත් කළ සිතාසි නියෝගය කි‍්‍රයාත්මක කිරීම වළක්වන ලෙස ඉල්ලා ගිහාන් පිලපිටිය මහතා එම රිට් පෙත්සම ගොනුකර තිබිණි.

එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles