පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡුන්ද පත්‍රිකා තොග ඇතුළත් පැකට්ටු, දිස්ත්‍රික් තේරීම් භාර කාර්යාල වෙත යැවීම ස`දහා අද (30දා) සිට තැපැල් කාර්යාලවලට භාර දීමට නියමිතය.
තැපැල් ඡුන්ද කිරීම ස`දහා රජයේ නිලධාරීන් හත්ලක්ෂයක් සුදුසුකම් ලබා තිබූ අතර ඔවුන්ට හිමි ඡුන්ද පත්‍රිකා සියල්ල මේ වනතෙක් මැතිවරණ කොමිසම භාරයේ තිබිණි.
මැතිවරණ කොමිසම විසින් තැපැල් ඡුන්ද පත්‍රිකා පැකට්ටු හෙට (1දා) හා අනිද්දා (2දා) කොටස් වශයෙන් තැපැල් කාර්යාල වෙත භාර දීමට නියමිතය.
මේ අතර ඡුන්ද විමසීමට අවශ්‍ය නිල ඡුන්ද පත්‍රිකා සියල්ල මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි. දැනටමත් දිස්ත්‍රික්ක 18කට අදාළ පත්‍රිකා තොග මැතිවරණ කොමිසමට භාර දුන් බවද ඉදිරි දින කිහිපය තුළ සෙසු ප්‍රමාණයද භාර දෙන බවද වාර්තා වෙයි.
රනිල් ධර්මසේන