Divaina - ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න අමතක කරන්න ආණ්ඩුව අලූත් මාතෘකා කරළියට ගෙනත් - එජාප මහලේකම් අකිල කියයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 8ආර්ථික අපහසුතා නිසා ජීවත්වීමට නොහැකිව සිටින ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න අමතක කිරීමට ආණ්ඩුව ක‍්‍රිකට් පාවාදීම, එම්. සී. සී. ගිවිසුම ඇතුළු මාතෘකා කිහිපයක් කරළියට ගෙනවිත් ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (29දා) පැවසීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේද මෙවැනි බිල්ලන් මවා ජනතාව නොමග යැවීමට කටයුතු කළ බවත් එම න්‍යායම මහා මැතිවරණයටද යොදා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා මෙසේද කීය.

මේ ආණ්ඩුව එම්. සී. සී. ගිවිසුම ගැන සොයන්න පත්කළ කමිටුව ගැන අපිට විශ්වාසයක් නැහැ. මේ කමිටුව තමයි මුලින්ම එම්. සී. සී. ගිවිසුමේ සියයට 70 ක් හොඳයි කියල කිව්වේ. දැන් ගිවිසුම හොඳ නැහැ කියන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාව නිසයි. අපි රජයට අභියෝගයක් කරනවා. මේ ගිවිසුම අත්සන් කරනවාද නැද්ද කියලා ජනතාවට ස්ථිරවම කියන්න කියලා.

ආණ්ඩුව හිතන්නේ සල්ලි අච්චු ගහලා රටේ ආර්ථික ප‍්‍රශ්න විසඳන්න පුළුවන් කියලයි. රුපියල් 5000 ක් දුන්නෙත් දේශපාලනීකරණය කරලයි. අපිට එම්. සී. සී. ගිවිසුම අත්සන් කළා කියලා චෝදනා කළාට අපි එම ගිවිසුම අත්සන් කළේ නැහැ. අපි අත්සන් කරලා තිබුණ නම් මේ ආණ්ඩුව ආයිත් අත්සන් කරනවාද නැද්ද කියලා කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැනේ. අපිට චෝදනා කළාට ජනතාව ගිවිසුමට එරෙහිව චෝදනා කළ නිසා තමයි අපි ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවනු ලැබුවේ. නැවත අපි බලයට පැමිණියත් ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන්න කටයුතු කරනවා.

අපිට අවශ්‍ය රජය අපිට ගැනීමටයි. ඒ කියන්නෙ අරලියගහ මන්දිරය අපිට ලබා ගැනීමටයි. සිරිකොත ඇතුලේ ඉඳගෙන සිරිකොත අල්ලගන්න බැරි වෙච්ච අය එළියේ ඉඳලා කොහොමද අල්ලන්නෙ කියලා මම අහනවා. ඒ අයට බහුතරය තිබුණ නම් පක්‍ෂයේ මහ ලේකම් වෙච්ච මට ඒ ගැන ලිඛිතව දීලා පක්‍ෂ නායකත්වය වෙනස් කළ යුතුයි කිව්වා නම් මම ඒ සඳහා අවස්ථාව ලබාදෙනවනේ. අපිට චෝදනා කරන පිරිස් සිරිකොතේ ඉන්න කොට කරඬුව ගෙනියන ඇතා සම`ග ඉන්න විදියට හැසිරිලා ගමට ගියාම වල් අලින් වගේ හැසිරෙනවා.

චමින්ද සිල්වා

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles