Divaina - මුඛ ආවරණ නොපැළඳ ප‍්‍රසිද්ධ ස්ථානවල ගැවසුණු 1280ක් ස්වයං නිරෝධායනයට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 6බස්නාහිර පළාතේ ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපැළඳ ගැවසුණු පුද්ගලයින් 1280 දෙනකුට තදින් අවවාද කර නිවෙස් තුළම දින 14ක ස්වයං නිරෝධායනයට යොමු කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (29 වැනිදා) පැවසීය.

මොවුන් පෙරේදා (28 වැනිදා) සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී හඳුනාගත් බවද හෙතෙම කීය.

මුඛ ආවරණ නොපැළඳ මහමඟ ගමන් ගන්නා අය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දෙන ලෙසද හෙතෙම මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

කොරෝනා තත්ත්වය හමුවේ මහජනතාවට මුඛ ආවරණ පැළඳගෙන යෑමේ වැදගත්කම පිළිබඳව කෙතරම් පැහැදිලි කර දුන්නත් ඒ ගැන අවධානය යොමු නොකර මහමඟ ගමන් කිරීම කනගාටුවට කරුණක් බවත්, එය නැවත කොරෝනා පැතිරීමේ අවදානමකට මුල පිරීමක් බවත්, මේ නිසා ඒ ගැන අවධානය යොමු නොකර කටයුතු කරන අයට එරෙහිව නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, ඊයේ (29 වැනිදා) දිනයේ කොටුව, බොරැුල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ, කඩවත යන ප‍්‍රදේශවල මහජනතාව දැනුවත් කිරීම හා මුඛ ආවරණ නොමිලේ බෙදාදීමක් පොලිස් ස්ථාන මගින් සිදු කෙරිණි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඊයේ පැවැති එවැනි වැඩසටහනකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද සහභාගි විය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles