Divaina - දෙපා ගැට ගසා කටට පාන්කඩ ඔබා - ඉඳුරුව විහාරාධිපති හිමි ඝාතනය කරලා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

crimඉදුරුව, මහ ඉඳුරුව ගල්කන්ද ශ‍්‍රී විජයධම්ම පිරිවෙනෙහි විහාරාධිපති යටියන බුද්ධානන්ද හිමියන් ඝාතනය කර ඇතැයි කොස්ගොඩ පොලිසිය පවසයි.

ඝාතනය කරන ලද බුද්ධානන්ද හිමියන්ගේ මළසිරුර ඊයේ (29 වැනිදා) උදෑසන විහාරස්ථානයේ තිබියදී සොයා ගෙන ඇති අතර උන්වහන්සේගේ දෙපා ගැට ගසා, කටට පාන්කඩ ඔබා තිබුණු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

විහාරස්ථානය කොල්ලකෑමට පැමිණි පිරිසක් උන්වහන්සේ ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. විහාරස්ථානයේ කුටි කිහිපයක් අවුස්සා ඇති බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

පෙරේදා (28 වැනිදා) රාත‍්‍රියේදී උන්වහන්සේ ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

අවශ්‍යතාවකට විහාරස්ථානයට ගිය දරුවන් දෙදෙනකු විහාරාධිපති හිමියන් පිළිබඳව සොයා බැලීමේදී උන්වහන්සේගේ මළ සිරුර දැක ඇත. ගම්වාසීන් ඒ බව පොලිසියට දැන්වීමෙන් අනතුරුව විහාරාධිපති හිමියන්ගේ මළසිරුර ඊයේ් (29දා) සොයාගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි.

ඇල්පිටිය පොලිස් අධිකාරී සදිස් ගමගේ, අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී රත්නායක, කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ජයවීර, උපපොලිස් පරීක්ෂක සුනිල් ගමගේ යන නිලධාරීහු ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

බලපිටිය මහෙස්ත‍්‍රාත් සම්පත් ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය ඉඳුරුව ගල්කන්ද ශ‍්‍රී විජයධම්ම පිරිවෙනේදී පැවැත්විණි.

බලපිටිය අනුර යසමිත්
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles