Divaina - නාකොටික් නිලධාරියාගේ ගෙවත්තේ වළදමා තිබූ රු. කෝටි 3 1/2 ක් ගොඩගනී

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගෙන් ලබාගත් හෙරොයින් තොගයක් හොර රහසේම අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් පිරිස අතරින් එක් නිලධාරියකුට අයත් මහව ප‍්‍රදේශයේ පිහිටි නිවෙසේ ගෙවත්තේ වළදමා තිබූ රුපියල් කෝටි තුනහමාරක මුදලක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (27 දා) සොයාගෙන ඇත.

මෙම මුදල් මත්ද්‍රව්‍ය තොගයක් අලෙවි කිරීමෙන් උපයා ගත් ඒවා බව විමර්ශනවලින් හෙළි වී තිබේ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු නිලධාරීන් පස්දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර දින හතක රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කරගෙන යන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

සැකකාර පොලිස් නිලධාරීන් පිරිස හෙරොයින් අලෙවි කිරීමෙන් ඉපයූ බව කියන තවත් රුපියල් කෝටි ගණනක මුදලක් සොයා ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ අතර සැකකාර නිලධාරීන් පස්දෙනාට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට අයත් සියලූ බැංකු ගිණුම් වත්කම් සහ දේපළ පිළිබඳ සෙවීමට ද පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.

මෙම ජාවාරම මෙහෙයවූ බව කියන උප පොලිස් පරීක්‍ෂකවරයා පසුගිය වසර අටකට ආසන්න කාලයක් තිස්සේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් විශාල ප‍්‍රමාණයක් සිදුකර ඇති අතර ඒ සියලූ විමර්ශන පිළිබඳව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

ඩුබායි හි සිටින ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගිහාන් ෆොන්සේකා නමැත්තාට අයත් රුපියල් කෝටි 100 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 90 ක් මෙම පොලිස් කණ්ඩායම විසින් සොරාගෙන ඒවා තවත් ජාවාරම්කරුවන් පිරිසක් මාර්ගයෙන් අලෙවි කළ බවට චෝදනා එල්ල වී ඇත.

මෙම නිලධාරීන් පිරිස සොරාගත් බව කියන හෙරොයින් තොගය අතරින් තවත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 60 කට ආසන්න ප‍්‍රමාණයක් සොයා ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ක‍්‍රියාකරගෙන යයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී එම කාර්යාංශයේ ම නිලධාරීන් පිරිසක් හෙරොයින් ජාවාරමට සම්බන්ධ වූ බවට තොරතුරු අනාවරණය විය.

නියෝජ්‍ය පොලිස්පති මැදවත්ත මහතා පොලිස්පතිවරයා වෙත මේ පිළිබඳව දැනුම් දී මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී මෙම ජාවාරමේ සුලමුල අනාවරණය විය.

හේමන්ත රන්දුණු
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles