Divaina - රු. 350 කට නිපදවිය හැකි කොවිඞ් රෝගීන් හඳුනා ගැනීමේ සාම්පල කට්ටල රු. 600කට මිල දී ගන්නවා

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 - රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්
 
 චමින්ද සිල්වා
 
covid කොවිඞ් රෝගීන් හ`දුනා ගැනීම ස`දහා අවශ්‍ය සාම්පල එකතු කිරීමේ කට්ටලයක් වෛද්‍ය පරීක්ෂණ ආයතනය මගින් රුපියල් 350ක් වැනි පිරිවැයකට නිපද විය හැකිව තිබියදී එම කට්ටලයක් රුපියල් 600 ක් වැනි මිලකට වෛද්‍ය සැපයුම් අංශය හරහා මිලදී ගන්නා බැවින් ඒ ගැන සොයා බලන ලෙස රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.
 
 මේ වන විට වෛද්‍ය පරීක්‍ෂණ ආයතනය මගින් දිනකට පරීක්ෂණ කට්ටල 2000ක් පමණ නිපදවන බවත්, එම ප‍්‍රමාණය අමුද්‍රව්‍ය සහ වෛද්‍යරසායනාගාර විμාඥ වෘත්තිකයන් ප‍්‍රමාණය වැඩිකරගෙන තවත් වැඩිකිරීමේ හැකියාව පවතින බවත් ඒ මහතා කීය.
 
 මෙවැනි තත්ත්වයක් පවතිද්දී විධිමත් පරිදි එය කළමනාකරණය නොකර වෛද්‍ය සැපයුම් අංශය හරහා වෙනත් නිෂ්පාදන වැඩි මිලට ගැනීම දිගින් දිගටම සිදුවෙමින් පවතින බවත් ඒ මහතා අවධාරණය කර සිටී.
 
 මේ සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් සිදු කළ විමසීමේදී ඔහු කියා සිටියේ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් කොවිඞ් රෝගීන් හ`දුනා ගැනීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් රුපියල් 350ක් වැනි පිරිවැයකට නිපදවීමේ හැකියාව පවතින බවයි. මේ වන විට රජයේ සහ අර්ධ රාජ්‍ය රෝහල් සඳහා එවැනි කට්ටල 60,000ක් පමණ නිපදවා ලබාදී තිබෙන බවත් පැවසේ. තමාට දැනගන්න ලැබී තිබෙන ආකාරයට වෛද්‍ය සැපයුම් අංශය වෙත කොවිඞ් රෝගීන් හ`දුනා ගැනීමට භාවිත කරන කට්ටලයක් ටෙන්ඩර් මගින් එකක් රුපියල් 950ක් වැනි මිලකට ලබාගෙන ඇති බව ද, දේශීය වශයෙන් නිපදවන ආයතනයකින් මෙවැනි කට්ටලයක් රුපියල් 550 ක් වැනි මිලකට ලබා ගැනීමේ උත්සාහයක් පවතින බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
  

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles