Divaina - රාජ්‍ය තාන්ති‍්‍රකයන්ට පී.සී.ආර්. පරීක්‍ෂණය අනිවාර්යයි... විදේශ අමාත්‍යාංශය කියයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 උපාලි ද සේරම්
 
arivalරාජ්‍ය තාන්ති‍්‍රක සේවයේ නිරත සාමාජිකයන් ශී‍්‍ර ලංකාවට පැමිණීමේදී තමා පිටත් වන රටේදී දින තුනකට පෙර ලබාගත් පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් එසේ ඉදිරිපත් කළ නොහැකි නම් කටුනායක ගුවන්තොටුපළේදී අනිවාර්යයෙන්ම පී.සී.ආර්. පරීක්‍ෂාවකට ලක්විය යුතු බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
 
 එසේම ශී‍්‍ර ලංකාවට පැමිණෙන තානාපති සේවා ප‍්‍රධානීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ද නිල නිවාසවල ස්වයං නිරෝධායනය කරනු ලබන බවද සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය එසේ නිරෝධායනය අවසන් වූ වහාම තම අමාත්‍යාංශයට දැනුම් දිය යුතු යැයිද ප‍්‍රකාශ කර සිටියි.
 
 යළි සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙර දෙවන පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් එම නිරෝධායන කි‍්‍රයා පටිපාටීන් අනුගමනය කරන බවට ඇති එකඟතාවට යටත්ව රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන්ට ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට අනුමැතිය ලබාදෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles