Divaina - වෛද්‍ය උපකරණ රැගත් ගුවන් යානයක් චීනයේ සිට කටුනායකට එයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 කටුනායක ටී.කේ.ජී.කපිල
 
chinamu231 

චීනයේ සිට වෛද්‍ය උපකරණ තොගයක් 03 දින රාත‍්‍රී විශේෂ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබූ බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය.
 
 චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන මෙම විශේෂ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානය චීනයේ ෂැංහයි නුවර සිට 03 දින රාත‍්‍රී 8.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
 
 මෙම ගුවන් යානය තුළ කිලෝ ග්රැම් 18,000 ක් බර ආරක්ෂිත ශරීර ආවරණ 15,000 ක්, වෛද්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ 30,000 ක්, ශල්‍ය වෛද්‍ය මුහුණු ආවරණ 600,000 ක් සහ ශල්‍ය වෛද්‍ය අත් වැසුම් 15,500 ක් ද තිබූ බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
 
 මෙම වෛද්‍ය උපකරණ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත 04 දින භාර දීමට පියවර ගෙන තිබුණි.
  

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles