Divaina - රක්ෂිත වනයකදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී හිටපු සෙබළා පොලිස් වෙඩි කා මරුට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ රවිඳු ගුණතිලක - බඩල්කුඹුර

gunaerපුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවකු සහ පොලිසිය අතර මොනරාගල, මාරාව, තෙනගල්ලන්ද ප‍්‍රදේශයේ රක්ෂිත වනයකදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී සැකකරු පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වී තිබේ.

මෙම සිද්ධිය ඊයේ (05 වැනිදා* පොසොන් පුණු පොහෝදා දහවල් 12.50 ට පමණ සිදුවී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල, මාරාව පදිංචිව සිටි කේ. එම්. චමින්ද කුමාර නමැති 35 හැවිරිදි යුද හමුදාවෙන් පලා ආ සෙබළකු බව පොලිසිය කියයි.

මොහු පසුගිය 31 වැනිදා මොනරාගල, මාරාව පදිංචිව සිටි ඞී. එම්. දිසානායක නමැති 58 හැවිරිදි දෙදරු පියකු ඔහුගේ නිවස තුළදී වෙඩිතබා ඝාතනය කර පලාගොස් තිබිණි.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර තිබූ බව හෙළිවිණැයි ද පොලිසිය කියයි.

අනතුරුව සැකකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් මොනරාගල, මාරාව රක්ෂිත වනයේ සැඟවී සිටින බවට ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියට තොරතුරක් ලැබී තිබේ. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය රක්ෂිත වනයට ගොස් තිබේ. එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරු විසින් පොලිසියට වෙඩි තබන්නට පටන් ගෙන ඇත. එහිදී පොලිස් නිලධාරීන් ද සිය ජීවිත ආරක්ෂාව පතා සැකකරුට වෙඩි තබා තිබේ. එහිදී සැකකරු වෙඩි වැදීමෙන් ඇද වැටී තිබේ.

පසුව පොලිස් නිලධාරීන් සැකකරු මොනරාගල, සිරිගල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී හෙතෙම මරුමුවට පත්වී තිබේ. අදාළ සිද්ධිය සිදුවූ ස්ථානයේ තිබී සැකකරු වෙඩි තැබීමට භාවිත කළ පතරොම් තුවක්කුවක්, උල් පිහියක් ද සහ ජීව අත්බෝම්බයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරුගේ මෘතශරීරය මේ වනවිට මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ තැන්පත් කර තිබේ.

මේ පිළිබඳව මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ මොනරාගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles