Divaina - පොල්තෙල් ගිනි ගණන්.... බෝතලයක් රු.400 ට 450 ට නගී

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 ජනිත සෙනෙවිරත්න
 
Untitled 13 වෙළෙඳ පොළේ පොල්තෙල් මිල ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ වන විට සාමාන්‍ය පොල්තෙල් බෝතලයක මිල රුපියල් 400 ත් 450 ත් අතර වේ. එසේම ඇසුරුම් කරන ලද පොල්තෙල් බෝතලයක මිල රුපියල් 600 ත් 650 ත් අතර වේ.
 
 පිටකොටුව තොග වෙළෙඳපොළේ තොග වෙළෙඳුන් පිරිසක් පොල්තෙල් පිටරටින් ගෙන්වා අධික ලාභ ලබමින් අලෙවි කිරීම හා පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනය තහනම් කිරීම මීට හේතුවී තිබේ.
 
 මෙරට වාර්ෂිකව පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 2800කි. එයින් පොල් ගෙඩි මිලියන 1800 ක් මෙරට ආහාර සඳහා යොදා ගැනේ. මෙරටට පොල්තෙල් අවශ්‍ය ප‍්‍රමාණය නිෂ්පාදනය සඳහා පමණක් පොල්ගෙඩි මිලියන 1400 ක් අවශ්‍ය වේ. කෑමට පොල් ගෙඩි මිලියන 1800 ක් ගිය විට අනෙකුත් පොල් ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා එනම් පොල්තෙල්, පොල්කිරි පිටි, කොප්පරා, දිසිදි පොල් ආදී පොල් නිෂ්පාදන සඳහා ඉතිරිවන්නේ මිලියන දහසක් පමණි. එම නිසා එය කිසිසේත් ප‍්‍රමාණවත් නොවේ.
 
 මේ අඩුවන ප‍්‍රමාණය සඳහා පිරිපහදු පොල්තෙල් ආනයනය සඳහා රජය අවසර දී තිබේ. ඒ සඳහා කිලෝවකට රුපියල් 125 ක බද්දක් අය කෙරෙන අතර ලෝක වෙළෙඳපොළේ පිරිපහදු කළ පොල්තෙල් ටොන් එකක මිල ඩොලර් 1100 කි. මේ අනුව සාධාරණ ලාභ සහිතව පොල්තෙල් බෝතලයක් මෙරට වෙළෙඳපොළේ රුපියල් 280 ත් 300 ත් අතර මිලකට විකිණිය හැක. පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනය සඳහා රජය අවසර දෙන්නේ නම් පොල් තෙල් මිල මීට වඩා බෙහෙවින් අඩුවනු ඇත. එසේම විදෙස් රටවල පිරිපහදු කරන ලද පොල්තෙල් ආනයනයට ඉඩ දීම තුළ එම ක‍්‍රියාවලිය නිසි ලෙස සිදුවන්නේද යන්න අධීක්ෂණය කරන්නට මෙරට ඒ සඳහා ඇති රාජ්‍ය ආයතනවලට අවස්ථාවක් ද නොලැබේ. එසේම පිරිපහදු කටයුත්ත මෙරටදී සිදු කළහොත් ඒ හරහා මෙරට රැුකියා විශාල ප‍්‍රමාණයක් ජනනය වීමද සිදුවේ.
  

 

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles