Divaina - සියලූ දුම්රිය ධාවනය සඳුදා සිට කාලසටහනට

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

- ඇමැති අමරවීර කියයි
 
 
 
 චමින්ද සිල්වා
 
trains සියලූම කාර්යාල, දුරගමන් සේවා, රාත‍්‍රී තැපැල්, නගරාන්තර දුම්රියන් දුම්රිය කාලසටහනට අනුව ලබන ස`දුදා (08 දා* සිට ධාවනය කිරීමට කටයුතු කරන බව විදුලිබල බලශක්ති, ප‍්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (05 දා* පැවසීය.
 
 සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය ආරම්භ කළද දුම්රියේ ආසනවලට සරිලන ආකාරයට මගීන් ගෙන යන බව ඇමැතිවරයා කීය. සාමාන්‍ය දිනකදී දුම්රිය මගීන් 1,45,000 කට පමණ සේවා සැපයීම සිදුකළත් තවත් කාලයක් ගත වනතෙක් එම පහසුකම ලබාදීමේ හැකියාවක් නැතැයිද ඒ මහතා කීය. මගීන් සියලූම දෙනාට අසුන් ගෙන ධාවනය කිරීමට ප‍්‍රමාණවත් තරම් දුම්රියන් නොමැති බව මගීන් අවබෝධ කර ගතයුතු යැයිද විශේෂයෙන් දුරගමන් සේවාවලට ප‍්‍රමුඛතාව ලබාදෙන බවද ඇමැතිවරයා පැවසීය.
 
 දුම්රියන් සාමාන්‍ය පරිදි ආරම්භ කළත් ප‍්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව-බදුල්ල අතර ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය සහ ගල්කිස්ස - කන්කසන්තුරය අතර ධාවනය වන වායුසමනය කළ ශීඝ‍්‍රගාමී දුම්රිය ආරම්භ නොවන අතර එම දුම්රියන් ධාවනය ආරම්භ වන දින ඉදිරියේදී දැනුම් දෙන බවද ඒ මහතා කීය.
 
 දුම්රිය ආසන කලින් වෙන්කර ගැනීමේ පහසුකම අද (06 දා* ක‍්‍රියාත්මක වේ. දෛනික දුම්රිය කාලසටහනේ යම් වෙනස්වීම් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 
 එමෙන්ම දුම්රියේ ගමන් කිරීමේදී කොවිඞ් 19 වසංගතයෙන් ආරක්ෂාවීම ස`දහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති ආරක්ෂණ ක‍්‍රම අනුගමනය කරන ලෙසත් දුම්රිය අත්‍යවශ්‍ය කටයුතු ස`දහා පමණක් භාවිතා කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී.
  

  

 

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles