Divaina - ඡන්ද රැස්වීමට 100ක් පමණයි... මීටරයේ පරතරය තබාගත යුතුයි... ඡන්ද මධ්‍යස්ථානවලදී දෑත් පිරිසිදු කිරීම සහ මුඛ ආවරණත් අනිවාර්යයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

මැ.කො. ට නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවෙන් කියයි
 
  රනිල් ධර්මසේන
 
 mathiwaraපාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රචාරක රැස්වීම් පවත්වන්නේ නම් රැස්වීම් භූමියට පැමිණෙන ඡන්දදායකයන් අතර මීටරයක පරතරය පවත්වාගෙන යා යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය මැතිවරණ කොමිසමට ලබාදුන් මාර්ගෝපදේශන මාලාවේ සඳහන් වේ.
 
 එම රැස්වීම් කුඩා ප‍්‍රමාණයේ ඒවා විය යුතු අතර අවම වශයෙන් පුද්ගලයන් සියයකට සීමාවිය යුතු බවත් එම රැස්වීම්වල කාලය පැය තුනකට සීමාවිය යුතු බවත් සඳහන් වෙයි.
 
 එමෙන්ම ගෙයින් ගෙට ගොස් අත්පති‍්‍රකා බෙදන්නේ නම් ඒ සඳහා පුද්ගලයන් තිදෙනකුට සීමාවිය යුතු අතර එම පුද්ගලයන්ද කිසිදු අසනීපයකට ගොදුරු වූවන් නොවිය යුතුය.
 
 එමෙන්ම පක්‍ෂ ප‍්‍රචාරක කාර්යාලවලට පැමිණෙන පිරිස සීමාවිය යුතු බවත්, එම කාර්යාලවල කැරම් ඇතුළු කී‍්‍රඩාවන්වල යෙදීම තහනම් වන අතර මත්පැන් පානයද සපුරා තහනම් වේ.
 
 ඡුන්ද මධ්‍යස්ථානවලට ඇතුළුවීමේදී සබන් ගා අත් සෝදාගත යුතු අතර ඊට අමතරව විෂබීජ නාශක ද්‍රාවනයන් භාවිතා කර දෑත් පිරිසිදු කරගත යුතු වේ.
 
 ඡුන්ද මධ්‍යස්ථානයේ පෝලිම්වලද මීටරයක පරතරය පවත්වා ගත යුතු වේ.
 
 එමෙන්ම ඡුන්ද මධ්‍යස්ථාන නිලධාරීන් හා ඡුන්දදායකයන් සියලූ දෙනා මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වේ. ඡුන්ද මධ්‍යස්ථාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ හෝ බලයලත් වෛද්‍ය නිලධාරියකුගේ අධීක්‍ෂණයට යටත් විය යුතු අතර අවශ්‍ය වුවහොත් ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා අදාළ ඡුන්ද මධ්‍යස්ථානයේ රැුඳී සිට නිරීක්‍ෂණය කළ යුතුය.
 
 මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම්වලට සහභාගි වන ඡුන්දදායකයන් හා දේශපාලනඥයන් මුඛ ආවරණ පැළඳීමත් අනිවාර්යය වේ.
 
 ඡුන්දය ගණන් කිරීමේදී ද මැතිවරණ නිලධාරීන් අතර දුරස්ථභාවය මෙන්ම සෞඛ්‍ය ආරක්‍ෂක ක‍්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්ය වේ.

 

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles