Divaina - රුසියාවේ කොරෝනා බෙහෙත 11දා සිට රෝගීන්ට දීම අරඹයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 

ඒමන්ති මාරඹේ
 
v නව කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව රුසියාව විසින් නිපදවූ ප‍්‍රථම වෛරස් විරෝධී බෙහෙත ලබන 11 වැනිදා එරට කොරෝනා ආසාදිතයින්ට ලබා දීම අරඹන බව රුසියාවේ සෞඛ්‍ය අංශ මගින් නිවේදනය කර තිබේ.
 
 ‘ඇවිෆවිර්’ නමින් ලියාපදිංචි කර ඇති මෙම බෙහෙත රුසියාවේ රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් සඳහා ලබාදීම අරඹන බවත්, එම බෙහෙත නිපදවා ඇති සමාගම මසකට කොරෝනා ආසාදිතයින් 60,000 කට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය බෙහෙත් තොග නිපදවීමට සැලසුම් කර ඇති බවත් රුසියානු සෞඛ්‍ය බලධාරීහු කියා සිටිති.
 
 ‘ෆාවිපිරවිර්’ නමින් මුලින් හැඳින්වූ මෙම බෙහෙත පළමුව නිපදවනු ලැබූයේ 1990 දශකයේ අග භාගයේදී පන් සමාගමක් විසින් වන අතර එම බෙහෙත නිපදවීමේ අයිතිය පසුව ෆුජි සමාගම විසින් ලබා ගෙන තිබිණි.
 
 මෙම බෙහෙතේ ක‍්‍රියාකාරිත්වය වැඩි කිරීම සඳහා රුසියානු විද්‍යාඥයින් විසින් එය වැඩිදියුණු කරනු ලැබූ බව රුසියාවේ ස්වාධීන ධනය පිළිබඳ පදනමේ ප‍්‍රධානියා වන කිරිල් ද්මිත්රියෙව් පවසයි. මෙසේ
 
 කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කිරීමට යන බෙහෙත සම්බන්ධයෙන් සිදු කරන ලද වෙනස්කම් පිළිබඳව තොරතුරු සති දෙකක කාලයකින් සෙසු රටවල් හා බෙදා ගැනීමට රුසියානු රජය
 බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles