Divaina - සේවක පිරිස් නඩත්තු කිරීමට ස්වජාතික ව්‍යාපාරිකයින්ට 4%ක සහන පොලී ණය ලබා දුන්නා - ඇමැති බන්දුල ගුණවර්ධන

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 

p7 1- කැබිනට් තීරණ

- කුඩා හා මධ්‍ය පරිමාණ  කර්මාන්තකරුවන්ටත් ණය

අනුර බාලසූරිය

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් දුෂ්කරතාවයට පත්වූ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු විවිධ ව්‍යාපාරිකයින්ට කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය සහන සැපයීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රතිමූල්‍ය සීමාව රුපියල් බිලියන 150 දක්වා වැඩි කර ඇති බව උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී 4දා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව පැවැසූ ඇමැතිවරයා මෙසේද කීය.

කොවිඞ්-19 වසංගතය කරණ කොට ගෙන රටේ ඇති වූ ආර්ථික පසුබෑම යළි ගොඩනැගීම සඳහා වන උපාය උපක‍්‍රම හා රාජ්‍ය මූල්‍ය ක‍්‍රියමාර්ග අනුගමනය කරනු ලැබුවා. මෙමගින් වඩා දුෂ්කරතාවට පත් වූ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය, ඇඟලූම් ක්ෂේත‍්‍රය යන ක්ෂේත‍්‍රවල ස්වජාතික ව්‍යාපාරිකයින්ට තම සේවක පිරිස් නඩත්තු කරගෙන යෑමේ ප‍්‍රශ්නය ඇතිවන නිසා සියයට 4 සහන පොලී අනුපාතයක් යටතේ කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය සහන ලබාදුන්නා.

ඒ සහනය එලෙසෙින් බැංකුවලින් බොහෝ දෙනෙකුට නොලැබෙන බවට මැසිවිල්ලක් තිබුණා. ඒ පිළිබඳව රජය අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ණය ආධාර සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රතිමූල්‍ය සීමාව තවත් රුපියල් බිලියන 100කින් වැඩිකර 150 දක්වා වැඩිකර තිබෙනවා. එමනිසා දුෂ්කරතාවයට පත් එම ව්‍යවසායකයින් වැඩි පිරිසකට මෙම සහනය ලබාගන්න පුළුවන් වෙයි කියා අපි විශ්වාස කරනවා.

ජාතික විදුලිබල අර්බුදයක් වැළැක්වීම සඳහා වහාම ක‍්‍රියාත්මක වන පරිදි පුත්තලමේ මෙගවොට් 100 ක බලාගාරයක් ඉදිකිරීමට අදාළ ගිවිසුම්වලට එළඹීමේ අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ලැබුණා. පසුගිය යහපාලන කාලයේ කිසිම මහාපරිමාණ විදුලිබල ව්‍යාපෘතියක් මෙරට තුළ ආරම්භ නොකිරීම ඇති වන විදුලි අර්බුදය වළක්වා ගැනීම සඳහායි.

මූල්‍ය සමාගම් වසා දැමීම නිසා හෝ බලපත‍්‍ර අහෝසි කිරීම නිසා හෝ කලින් පැවැතුන තත්ත්වයන් තුළ හෝ මේ රටේ දස දහස් ගණන් තැන්පත්කරුවන් පිරිසකට මුහුණදීමට තිබෙන දුෂ්කරතා පිළිබඳව කැබිනට් රැුස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ජා කළා. ඒ අනුව අගමැතිවරයා විසින් මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු අදාළ නිලධාරීන් කැඳවා සාකච්ඡුා කිරීමෙන් පසු ද ෆිනෑන්ස් සමාගමේ ඈවර කිරීමේ කටයුතු කරන තෙක් එම මූල්‍ය සමාගමේ සියලූ තැන්පත්කරුවන්ට ලබන සඳුදා සිට ලක්ෂ හය බැගින් මුදල් ගෙවීම ආරම්භ කරන බව මහ බැංකුව විසින් අගමැතිවරයාට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මුළු තැන්පත්කරුවන්ගෙන් සියයට 93 කගේ ප‍්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳෙනවා.

සියයට හතක් පමණ සිටින වැඩි තැන්පත්කරුවන්ට ඈවර කරන ක‍්‍රියාවලිය තුළින් කඩිනමින් ගෙවීමටත් කටයුතු කරනවා.

ඈත එපිට ගම්මානවල සුළු පරිමාණයෙන් සමුපාකාර සමිතිවල තැන්පත්කරුවන්ගේ ප‍්‍රශ්න පිළිබඳවත් කැබිනට් මණ්ඩලය සාකච්ඡුා කළා. සමුපකාර ණය දෙන සමිති ගම් මට්ටමේ සිටින තැන්පත්කරුවන්ගේ මුදල්

අයථා ලෙස යොදාගෙන මුදල් නොලැබෙන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ පිළිබදව ඇමැතිවරු කරුණු දැක්වූවා. ඒ නිසා සමුපකාර සමිතිවල දේපල වත්කම් හෝ වෙනත් දේ කළමනාකරණය කර අවශ්‍ය වෙනස්කම් ඇති කර නව රජයක් පිහිටුවීමෙන් පසු සමුපකාරවල තැන්පත්කරුවන්ටත් සහනයක් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.

පසුගිය රජය විසින් බේරුම් නොකළ බිල්පත් ගෙවන්න තිබූ එහෙත් නොගෙවූ ප‍්‍රමාණය රුපියල් බිලියන 240.7 බවත් පසුගිය රජය නොගෙවූ එම මුදලින් මේවනවිට රුපියල් බිලියන 196.6 ගෙවා ඇති බවත් අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දුන්නා. ඉතිරිය ක‍්‍රමානුකූලව ගෙවාගෙන යන බවත් දැනුම්දුන්නා.

කොවිඞ් වසංගතයෙන් රට මුදා ගත් වගේ මත් උවදුරින් රට මුදා ගැනීමට ජනාධිපතිවරයා අවධානය යොමු කරමින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව විසින් විද්‍යා තාක්ෂණ හා මානව සම්පත් ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 165ක ණය මුදලක් ලබාදී තිබෙනවා විශ්ව විද්‍යාල පද්ධතියේ තාක්ෂණ විශ්ව විද්‍යාල ඇතිකිරීමට. මේ පිළිබඳව අදාළ අංශ සමග සාකච්ඡුා කර මෙම ණය ආධාර ක‍්‍රමය තවදුරටත් දීර්ඝකර ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කොට සංවර්ධනය කිරීමට. ඒ අනුව ඉදිරි දශකයක කාල පරිච්ෙඡ්දය තුළ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව අදියරයෙන් අදියර 60,000 දක්වා වැඩි කිරීමට. ඒ සඳහා ජාතික විශ්ව විද්‍යාල සෑම දිස්ත‍්‍රික්කයකටම අවම වශයෙන් එකක් බැගින් විශේෂයෙන් තාක්ෂණික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට. මේ සඳහා අලූත් විශ්වවිද්‍යාල දහයක් ඉදිකිරීමට ආසියානු සංවර්ධන බැංකුව ඒ ණය ගිවිසුම දීර්ඝ කර ඇමරිකානු ඩොලර් බිලියන 50 ලබා දීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුව මේ වර්ෂය තුළදී කළුතර, ගාල්ල, නුවරඑළිය, හම්බන්තොට හා මාතලේ දිස්ත‍්‍රික්කවල නව ජාතික විශ්වවිද්‍යාල ඉදිකිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණා.

වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා,

ජලජ ජීවී වගාව ප‍්‍රවර්ධනය කිරීමට ධීවර ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලැබුණා. එමෙන්ම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පාලම් 27 සංවර්ධනයට අනුමැතිය ලැබුණා.

පසුගිය වසරේ දෙසැම්බර් සිට මේ වසරේ අපේ‍්‍රල් දක්වා පැවැති අධික නියං තත්ත්වය හේතුවෙන් තේ වගාවට හානි සිදුවී තිබෙනවා. තේ පැළ මිලියන හයකට වැඩි ප‍්‍රමාණයක් විනාශයට පත්වෙලා. ඉතිහාසයේ මෙතෙක් නොලැබුණු ඉහළම මිල අපේ තේවලට ලැබී තිබෙනවා. පසුගිය මැයි මාසයේදීි එය වාර්තා වුණා. මේනිසා තේ වගාවට විශාල උනන්දුවක් ඇති වී තිබෙනවා. ඒනිසා නියඟයෙන් විනාශයට පත් තේ පැළ සඳහා රජයේ ප‍්‍රතිපාදන යටතේ පැළ නොමිලේ ලබාදීමට ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟ වුණා. ඉදිරි මාස දෙක ඇතුළත විශේෂයෙන් කුඩා තේ වතු හිමියන්ට එමගින් සහන සැලසෙනවා.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles