Divaina - කොමිෂන් සභාවලට අතපොවන්න ඕනෑ නිසා යහපාලනේ අය නීති රාමු සැකසුවේ නැහැ

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 අරුණ බෝගහවත්ත
 
mytas135 කොමිෂන් සභාවල නිසි නීති රාමුව සැකසීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේ නැතැයි හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවසීය. ඔවුන් එසේ නොකළේ ඔවුන්ට අවශ්‍ය විදියට කොමිෂන් සභා හැසිරවීමට යැයි ද ඔහු සඳහන් කළේය. ඒ සියලූ කොමිෂන් සභා පැවතුණේ ජනාධිපතිවරයා වශයෙන් තමා යටතේ නොවන බව ද සිරිසේන මහතා කීවේය.
 
 කොමිෂන් සභා තම සීමාව ඉක්මවා කටයුතු කරනු ලබන්නේ ඒවාට ක‍්‍රියා කළ හැකි සීමාවන් පැනවීම සඳහා අදාළ නීති රෙගුලාසි පාර්ලිමේන්තුව මගින් එසේ සම්මත නොකළ නිසා යැයි ද හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
 
 පැවැති යහපාලන ආණ්ඩුවට අවශ්‍ය වූයේ ව්‍යවස්ථාදායක සභාවට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට බවත් හිටපු ජනපතිවරයා පැවසීය.
 
 මෛති‍්‍රපාල සිරිසේන මහතා මේ කරුණු සඳහන් කළේ ඊයේ (3වැනිදා* ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති පුවත්පත් සාකච්ඡුාවකදීය.
 
 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා කොමිෂන් සභා ඇති කිරීම හොඳ දෙයක් වුවත් ඒවාට පත්කළ පුද්ගලයින් තමන්ට අදාළ නිසි රාමුවේ කටයුතු නොකළ බව ද හෙතෙම කීවේය. පසුගිය කාලයේ රටේ නායකයින් තිදෙනකු බිහි වුණේ මේ කොමිෂන් සභා නිසා යැයි ද හිටපු ජනපතිවරයා සඳහන් කළේය.
 
 මෛති‍්‍රපාල සිරිසේන මහතා එම පුවත්පත් සාකච්ඡුාවේදී මෙසේද ප‍්‍රකාශ කළේය.
 
 ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විදිහට ඉදිරි මහා මැතිවරණයෙන් පැහැදිලි ජයක් අපි ලබනවා. ඒ සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් කැපවෙලා කටයුතු කරනවා. ඇත්තටම ඉදිරි මැතිවරණයට විපක්ෂයක් නැහැ. බෙදිලා ගිය කණ්ඩායම් දෙකටම දේශපාලන වශයෙන් ගොඩ එන්න බැහැ. පතුල නොපෙනෙන ගැඹුරු අගාධයකට ඔවුන් ගමන් කරනවා. ඒ නිසා අපිට විශිෂ්ට ජයක් ලබන්න පුළුවන්. ප‍්‍රධාන වශයෙන් ආර්ථිකය නංවන්න නව රජය කටයුතු කරනවා. අපි රජයට යෝජනා කරන්නේ දේශීය ආර්ථිකයේ දියුණුවටත් දේශීය කර්මාන්ත නංවාලමින් අපනයන වර්ධනය කර ගැනීම සඳහාත් කටයුතු කළයුතු බවයි. ඕනෑම රජයකට විදේශ ණය පියවන්න වෙනවා. වත්මන් රජයට මෙන්ම මගේ රජය යටතේත් මහින්ද රාජපක්ෂ පාලන සමයේත් ඊට පෙර පැවති ආණ්ඩු කාලවලත් එය සිදුවුණා. විශේෂයෙන්ම යුද්ධ කාලයේ දී අවිආයුධ මිලදී ගැනීම සඳහාත් රටේ සංවර්ධන කටයුතු වෙනුවෙනුත් විදේශ ණය ගන්න සිදු වුණා. ඒවා ඇඟට නොගෙන රජයක් වශයෙන් කටයුතු කිරීම තමයි සිදුවිය යුත්තේ.
 
 ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වමින් මෙසේ ප‍්‍රකාශ කළේය.
 
 ජනතා පරමාධිපත්‍යට එරෙහිව මැතිවරණය කල් දැමීමට විපක්ෂය උත්සහ කළා. එහෙත් නඩු තීන්දු හරහා ජනතා පරමාධිපත්‍යට විශාල ජයක් ලැබුණා. එය ඉතා වැදගත්. ඔවුන් බැලූවේ මැතිවරණය කල්දමා නැවත පාර්ලිමේන්තුව රැුස්කර ව්‍යවස්ථාදායක සභාව හරහා සිදු කරන ලද සටකපටකම් ටික නැවත සිදු කරන්නයි. එහෙත් අධිකරණය නඩු අහන්නේ නැතිවම පෙත්සම් විසි කිරීම ජනතාව ලැබූ ජයක්. ජනතාව බිල්ලට දීලා මැතිවරණයක් පැවැත්විය යුතු නැහැ. ජනතාව ආරක්ෂා වන විදිහට නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමන කළ යුතු ආකාරය පිළිබඳව නිදහස් පක්ෂය විදිහට අපි ලිපියක් මැතිවරණ කොමිසමට ඉදිරි දින කිහිපයේදී යවන්න කටයුතු කරනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරවීමට ලබා දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දුන් සහය ඉදිරි මැතිවරණයේත් ඒ ආකාරයෙන්ම ලබාදෙනවා.
  

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles