රනිල් ධර්මසේන
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් මාර්ග උපදේශ මාලාවේ කරුණු ලබන සතියේදී දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවා දැනුම් දීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
ලබන 08 වැනිදා මැතිවරණ කොමිසම රැුස්වී ඡුන්ද විමසීමේ දිනය තීරණය කිරීමට නියමිත අතර ඉන් පසුව පක්ෂ ලේකම්වරුන් හමුවන දිනය දැනුම් දෙනු ඇත.
මෙම මාර්ග උපදේශන මාලාවේ දේශපාලන ප්රචාරක රැස්වීම පැවැත්වීම පක්ෂ කාර්යාල පිහිටුවීම, අපේක්ෂකයන් ගෙන් ගෙට යෑම, ඡුන්දපළ නියෝජිතයන් පත් කිරීම ආදී කරුණු රැුසක් දේශපාලන පක්ෂ වෙනුවෙන් දක්වා ඇති බවත් ඒ පිළිබඳව පක්ෂ දැනුවත් කර පක්ෂවල අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත් කොමිසම කියයි.
එමෙන්ම ඡුන්ද මධ්‍යස්ථාන පිහිටුවීම, ඡුන්ද සලකුණු කිරීම ආදී අවස්ථාවන්හිදී ද සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව මාර්ග උපදේශන මාලාවේ අඩංගු කරුණු පිළිබඳව පක්ෂ දැනුවත් කිරීමට නියමිතය.