Divaina - ජනපතිගේ අත්සන හොරට ගැසූ සැකකරු රිමාන්ඞ්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර
 
jail135 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා කූඨ ලේඛන සැකසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ඊයේ (04 දා* කුරුණෑගල මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
 
 37 හැවිරිදි වියෙහි පසුවන අදාළ සැකකරු පසුගිය දා කුරුණෑගල ප‍්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණ.
 
 කොළඹ ලංකා බැංකු මූලස්ථානයේ කළමනාකරු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
 ‘වැඩ තහනමට ලක්ව ඇති ලංකා බැංකු සේවකයකු යළි සේවයේ පිහිටුවීම’ යන මාතෘකාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලිපි ශීර්ෂයක ජනාධිපතිවරයාගේ අත්සන යැයි විශ්වාස කළ හැකි ආකාරයට යොදන ලද අත්සනක් ද සහිත ලිපියක් 2020-05-28 වැනිදා හෝ ඊට ආසන්න දිනක ලංකා බැංකුවේ සභාපතිවරයා වෙත ලැබී තිබේ.
 
 එම ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා 2020-06-03 වැනිදා සභාපතිවරයා හමුවීමට පැමිණෙන්නන්ගේ පොරොත්තු ලැයිස්තුවේ සිටි පුද්ගලයකු ලංකා බැංකු මූලස්ථානය වෙත කැඳවීමට කටයුතු කර ඇත. ඒ අවස්ථාවේ දී එම පුද්ගලයා විසින් ඉහත ආකාරයට සකස් කරන ලද ලිපියක් සභාපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. එහිදී එම ලිපිය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ලංකා බැංකු නිලධාරියා විසින් අදාළ පුද්ගලයා 2020-06-03 වැනිදා කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත භාරදී තිබේ. පසුව එම කාර්යාංශය මගින් ඔහු අත්අඩංගුවට ගෙන
 
 අනතුරුව මේ සම්බන්ධයෙන් අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කර ඇත.
 
 එහිදී සැකකරුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීමේ දී තමන් පෞද්ගලික ලැප්ටොප් පරිගණකය භාවිතා කර මෙම ලිපි හා ලිපි කවරය සකස් කළ බව පැවසී යැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
 
 පසුව කුරුණෑගල පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම කූඨ ලේඛන සකස් කිරීම සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, ‘පෙන් ඩ‍්‍රයිව්’ එකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබීය.
 
 37 හැවිරිදි සැකකරු කුරුණෑගල, යන්තම්පලාව ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles