Divaina - ගැබිනි ෆාතිමා ටයිල් පොළොවේ බෝම්බය තබා දරුවන් ළඟට ගෙන පුපුරුවා හරින්න ඇති... සොකෝ නිලධාරියා ජනාධිපති කොමිසමේදී කියයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

bomladyදෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ‍්‍රාහිම් නිවසේදී බෝම්බය පුපුරුවා හැරි ෆාතිමා ජෙෆ්රි නම් ගර්භණී කාන්තාව ටයිල් පොළොවක් මත බෝම්බය තබා බිම හිඳගනිමින් තම දරුවන් අසලට ගෙන බෝම්බය පුපුරුවා හරින්නට ඇතැයි අපරාධ ස්ථානීය පරීක්ෂණය සිදු කළ සොකෝ නිලධාරියා ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (03 දා* සඳහන් කළේය.
 
 ඒ එම නිලධාරියා පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාවට අදාළව තමන් සිදු කළ අපරාධ ස්ථානීය පරීක්ෂණ පිළිබඳ ජනාධිපති කොමිසමට සාක්ෂි දුන් අවස්ථාවේදීය.
 
 පාස්කු ඉරුදින එල්ල වූ ප‍්‍රහාර මාලාවට අදාළව කොච්චිකඬේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ අපරාධ ස්ථානීය පරීක්ෂණ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා 3 වැනිදා සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණියේය. සාක්ෂි දෙමින් හිටපු ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ ප‍්‍රහාර සිදු වූ දින පස්වරු 3.00ට පමණ තමන් දෙමටගොඩ මහවිල උද්‍යානයට යන විටත් අදාළ නිවසේ පිපිරීම් දෙකක් සිදුවී තිබූ බවය. ඒ වන විට ආරක්ෂක අංශ විසින් නිවසේ ඇතිව තිබූ ගින්න නිවීමට කටයුතු කරමින් සිටි බවත් ඔහු කීවේය. එම අවස්ථාවේ තමන් විසින් ඡුායාරූප ගත කරන ලද නිවසේ ඇතුළත දර්ශන සොකෝ නිලධාරියා විසින් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරන ලදී. ඒවා කොමිසම විසින් මාධ්‍ය වෙත මුදා හැරිණි.
 
 මරාගෙන මැරෙන පිපිරීම් සිදුව තිබූ නිවස තෙමහල් නිවසක් වූ අතර තම නිරීක්ෂණයන්ට අනුව එහි උඩුමහලේ කාමරයක පළමු පිපිරීම සිදුව තිබූ බව හිටපු ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය. අදාළ පිපිරීමෙන් නිවසේ උඩුමහලේ පොළොවේ සිදුරක් නිර්මාණය වී තිබූ බවද, ඒ හේතුවෙන් එම මහල කඩා වැටීමේ අවදානමකට ලක්ව තිබූ බව ද සාක්ෂිකරු කියා සිටියේය.
 
 එහිදී සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ තමන්ට නිරීක්ෂණය වූ ආකාරයට අදාළ බෝම්බකාරිය ටයිල් පොළොව මත බෝම්බය තබා, තමන් බිම හිඳගෙන දරුවන් අසලට ගෙන බෝම්බය පුපුරුවා හැර ඇති බවයි. දෙවන පිපිරීම සිදුව තිබුණේ වෙනත් ස්ථානයක බව සඳහන් කළ සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේ එය එක් පුද්ගලයකුට පමණක් රැුඳී සිටිය හැකි කුඩා ස්ථානයක් බවයි.
 
 කෙසේ වෙතත් පිපිරීම සිදු වූ ස්ථානයේ තිබී උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර මහතාගේ සහ අනෙක් නිලධාරීන් දෙදෙනාගේ සිරුරු සොයාගනු ලැබූවද, මරාගෙන මැරෙන බෝම්බකාරියගේ සහ දරුවන්ගේ ශරීර අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වන සේ කොටස්වලට කැබලි වී ගොස් තිබූ බව ද හිටපු ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles