Divaina - රට ඉඳන් එන අයට ගුවන්තොටේදීම පී.සී.ආර්..... නිරෝධායනයට යොමු කිරීම ප‍්‍රතිඵල ලැබුණු පසු

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 ලසිත දුමින්ද
 
ktnayaka විදේශයන්ගේ සිට පැමිණෙන්නන් පී. සී. ආර්. පරීක්‍ෂණයට භාජන කොට ප‍්‍රතිඵල ගුවන් තොටුපළ පරිශ‍්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
 
 ආගමන පටිපාටියට පෙර, පරීක්‍ෂණ ප‍්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමුකර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
 
 කොවිඞ් - 19 මර්දන කාර්ය සාධක බළකාය සහ විශේෂඥ වෛiවරුන් සමඟ ඊයේ (04 දා* දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡුාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේය.
 
 විශේෂයෙන් මැදපෙරදිග සිට එන පිරිස් පී. සී. ආර්. පරීක්‍ෂණයට භාජන කිරීමේදී සහ නිරෝධායනයට යොමු කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලූ සහ ඒවා විසඳිය යුතු ආකාරය ඊයේ රැුස්වීමේ දී දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරුනු බවද ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
 
 ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන්ය.
 
 පී. සී. ආර්. ප‍්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන් තොටුපළ පරිශ‍්‍රයේම පරීක්‍ෂණාගාරයක් ස්ථාපනය කිරීමට ද තීරණය කෙරිණ. වසංගතය දීර්ඝ කාලයක් පැවතිය හැකි බැවින් සහ ඉන් ඔබ්බට ද ගුවන් තොටුපළ පරිශ‍්‍රයේ පරීක්‍ෂණාගාරයක් තිබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 
 විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අදාළ රටේදීම පී. සී. ආර්. පරීක්‍ෂණයට යොමු කිරීමට හා එය රජයේ ඍජු මැදිහත්වීමෙන් හෝ අදාළ රටේ දායකත්වයෙන් සිදුකිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරිණ.
 
 මෙලෙස කල්තියා ආසාදිතයන් හඳුනාගැනීමෙන් රෝහල් වෙත යොමු කිරීමේදී සහ නිරෝධායනයේදී මතුවන ගැටලූ රැුසක් අවම කර ගැනීමට ද හැකිවෙතැයි ජනාධිපතිවරයා කීවේය.
 
 මවුබිමට පැමිණීමේ අපේක්‍ෂාවෙන් සිටින සියලූ දෙනාට හැකි ඉක්මණින් අවස්ථාව ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 
 සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික* කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් (විශ‍්‍රාමික* විශේෂඥ වෛi සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු සහ ති‍්‍රවිධ හමුදාපතිවරු, වැඩ බලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු කාර්ය සාධක බළකායේ සාමාජිකයෝ සහ විශේෂඥ වෛiවරු සාකච්ඡුාවට එක්ව සිටියහ.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles