Divaina - ගෙවුණු දින 30 ඇතුළත බාහිර සමාජයෙන් කිසිම කොරෝනා රෝගියකු හමුවී නෑ... නාවික හමුදා කොවිඞ් පොකුර තාමත් සකී‍්‍රයයි... පනාගොඩ යුද හමුදා රෝහල කොයිකටත් සූදානමින්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ලසිත දුමින්ද


corosගෙවුණු දින 30 ඇතුළත ‘කොවිඞ් 19’ කිසිදු රෝගියකු බාහිර සමාජයෙන් වාර්තා වී නැති බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ සඳහන් කළේය.

සමස්ත රෝගීන් 1688දෙනකු පෙරේදා (03 වැනිදා* වන විට වාර්තා වී ඇති බවත් එම රෝගීන්ගෙන් 510දෙනකුම පිටරටවල සිට මෙරටට පැමිණි අය බව ද ඒ මහතා පැවසීය. නාවික හමුදා සාමාජිකයන් 763දෙනකුට ‘කොවිඞ් 19’ රෝගය ආසාදනය වී ඇති බවත්, ඉන් 424 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බවත් සඳහන් කළ චන්දන වික‍්‍රමසිංහ මහතා තවදුරටත් නාවික හමුදා සාමාජිකයන් 339දෙනකු රෝහල්වල ප‍්‍රතිකාර ලබන බවත් පැවසීය. නිරෝධායන මධ්‍යස්ථානවල රාජකාරීන් සිදුකරන හමුදා සාමාජිකයන්ට ‘කොවිඞ් 19’ රෝගය ආසාදනය නොවීම සඳහා ගත යුතු සියලූම ආරක්‍ෂිත කි‍්‍රයාමාර්ග ගෙන තිබෙන බවත්, නමුත් ඇති විය හැකි ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා පනාගොඩ යුද හමුදා රෝහල සූදානම් කර ඇති බවත් යුද හමුදා ප‍්‍රකාශකවරයා කීවේය.

කොරෝනා රෝගය හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළ පුද්ගලයන් 11,669දෙනකු සාර්ථකව සිය නිරෝධායන කටයුතු නිම කිරීම හේතුවෙන් පෙරේදා (03 වැනිදා* වන විට ඔවුන් සිය නිවෙස්වලට යොමු කර ඇතැයි ද යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ පැවසීය. ත‍්‍රිවිධ හමුදාව මගින් නිරෝධායන මධ්‍යස්ථාන 46ක් පවත්වාගෙන යනු ලබන බවත්, එම මධ්‍යස්ථානවල තවදුරටත් පුද්ගලයන් පන්දහස් දෙසීය හතළිස් තුන්දෙනකු නිරෝධායනය වෙමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

--------------------------------

එසේම කොරෝනා සම්බන්ධයෙන් කතා කරන විට නාවික හමුදා ‘කොවිඞ් පොකුර’ තවමත් සක‍්‍රීය තත්ත්වයේ පවතින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ‘දිවයිනට’ ඊයේ (04 වැනිදා* පැවසීය. කියා සිටියේය.

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles