Divaina - සිංහල බෞද්ධයන්ට උදව් කළ නිසා මගේ මාමණ්ඩිට ඉල්හාම් පරුෂ වචනයෙන් පවා බැණලා තිබුණා.....

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

මොහොමඞ් ඉල්හාම්ගේ බිරිඳගේ ඥාති සහෝදරයෙක් සාක්කි දෙමින් කියා සිටී
 පාස්කු දින ප‍්‍රහාරය සොයා බලන ජනාධිපති කොමිසම
 
 
 එරික් ගාමිණි ජිනපි‍්‍රය
 
 shangrilaතම මාමණ්ඩිය සිංහල බෞද්ධ ජනතාවට උදව් කළ නිසා ෂැංගි‍්‍රලා හෝටලයට බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ ඉල්හාම් විසින් ඔහුට අවජාතකයා යනුවෙන් බැණ වැදී ඇති බවට පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙනු ලැබූ ඉල්හාම්ගේ බිරිඳ වූ ෆාතිමා ජිෆාරිගේ ඥාති සහෝදරයෙක් කියා සිටියේය. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ සාක්කිකරු මෙසේ ද කියා සිටියේය.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ - ඔබගේ ඥාති සහෝදරිය වන ෆාතිමා ජිෆාරි පාසල් යන කාලයේ මොන වගේ කෙනෙක්ද?
 
 සාක්‍ෂිකරු - ඇය හරි අහිංසකයි. එයා පාසල් යන කාලයේ චිත‍්‍රපටි බලනවා. හැරී පොටර් කතා පොත් සහ චිත‍්‍රපටි බලන්න එයා හරිම කැමතියි. ඒ වගේම ඇය හරිම සමාජශීලියි.
 
 අධිනීතිඥ - ඇය යහළුවන් සමග කටයුතු කළේ කෙසේද?
 
 සාක්‍ෂිකරු - සමීපව සිටියා.
 
 අධිනීතිඥ - ඇය විවාහ වූයේ කවදාද?
 
 සාක්‍ෂිකරු - 2012 නොවැම්බර් 4
 
 අධිනීතිඥ - එතකොට ඇගේ වයස කීයද?
 
 සාක්‍ෂිකරු - 20 යි
 
 අධිනීතිඥ - ඇය නිවසේ සිටියදී කටයුතු කළේ කෙසේද?
 
 සාක්‍ෂිකරු - ගෙදර ඉන්න කාලේ සාමාන්‍ය විදියට සිටියා. කුකරි ක්ලාස් ගියා. ඒ සමගම කුරානය කටපාඩම් කිරීමට කටයුතු කළා.
 
 අධිනීතිඥ - ඒ කියන්නේ
 
 සාක්‍ෂිකරු - කුරානය අරාබි අකුරු වලින් කියවන්න.
 
 අධිනීතිඥ - කුරානය හැදෑරීමේ සහ කටපාඩම් කිරීම අතර වෙනස කුමක් ද?
 
 සාක්‍ෂිකරු - කුරානය ඉගෙන ගන්න අය තමයි මව්ලවිතුමන්ලා වෙන්නේ. හැදෑරීමේදී කුරාණයේ වාක්‍ය කණ්ඩ වලින් අදහස් කරන්නේ කුමක්ද? කියන එක කියලා දෙනවා.
 
 අධිනීතිඥ - ඇයගේ විවාහය යෝජිත එකක්ද?
 
 සාක්‍ෂිකරු - යෝජිත එකක්.
 
 අධිනීතිඥ - විවාහ වූයේ කවුරුන් සමග ද?
 
 සාක්‍ෂිකරු - ඉල්හාම් සමග
 
 අධිනීතිඥ - ඔහු ජීවතුන් අතර සිටිනවා ද?
 
 සාක්‍ෂිකරු - 2019 අපේ‍්‍රල් 21 පාස්කු දින මිය ගියා.
 
 අධිනීතිඥ - කොහෙදිද මිය ගියේ.
 
 සාක්‍ෂිකරු - ෂැංගි‍්‍රලා හෝටලයේ බෝම්බ පිපිරීමෙන්.
 
 අධිනීතිඥ - ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත් වූයේ කොහිදී ද?
 
 සාක්‍ෂිකරු - ශී‍්‍ර ලංකා එක්ෂිබිෂන් සෙන්ටර් හිදී
 
 අධිනීතිඥ - කුමන පාර්ශ්වයෙන් ද වියදම් කළේ?
 
 සාක්‍ෂිකරු - දෙපාර්ශ්වයෙන්ම ඒ සඳහා වියදම් කළා.
 
 අධිනීතිඥ - මංගල උත්සවයේ සංගීතය තිබුණ ද?
 
 සාක්‍ෂිකරු - මුස්ලිම් මංගල උත්සවවල සංගීතය නැහැ. නමුත් කෑම තිබුණා. ඡුායාරූප ගත්තා.
 
 අධිනීතිඥ - ඉල්හාම් ඒවාට අකමැති වූවාද?
 
 සාක්‍ෂිකරු - නැහැ.
 
 අධිනීතිඥ - ඔවුන් කොහෙද පදිංචිය
 
 සාක්‍ෂිකරු - මහවිල උiානය, දෙමටගොඩ
 
 අධිනීතිඥ - ඔබේ විනෝදාංශ මොනවාද?
 
 සාක්‍ෂිකරු - සංගීතය අහනවා. චිත‍්‍රපට බලනවා. කි‍්‍රකට්වලට කැමතියි. මම කි‍්‍රකට් කී‍්‍රඩා කරලත් තිබෙනවා.
 
 අධිනීතිඥ - ඉල්හාම් සමග ඒ ගැන කතා කරල තිබෙනවාද?
 
 සාක්‍ෂිකරු - එයා දෙමළ චිත‍්‍රපට ගැන කතා කරනවා. වාහනය ගැන බිස්නස් ගැනත් කතා කරනවා.
 
 අධිනීතිඥ - නැගණිය විවාහ වී නිවසින් ගිය පසු යළි ආවේ නැද්ද?
 
 සාක්‍ෂිකරු - සති දෙකකට සැරයක් ආවා.
 
 අධිනීතිඥ - ඉල්හානුත් ආවාද?
 
 සාක්‍ෂිකරු - නංගි ගේට්ටුව ළඟ බස්සවල ඔහු යනවා. ගොඩක් කලාතුරකින් තමයි ඇතුළට ඇවිත් තේ එකක් බොන්නේ.
 
 අධිනීතිඥ - 2015 දී ඔබ ඔවුන්ගේ වෙනසක් දුටුවාද? පැහැදිලි කරන්න.
 
 සාක්‍ෂිකරු - ඔව්. ඔවුන් අන්තවාදී පැත්තට බර වැඩි බව පෙනුණා. 2016 ජුලි 23 පැවති මගේ මගුල් ගෙදරට ඔවුන් ආවේ නැහැ. ඔවුන්ට අනුව මංගල්‍යයක් ගත්ත එක වැරදියි.
 
 අධිනීතිඥ - ඇයි වැරදියි කියල කියන්නේ?
 
 සාක්‍ෂිකරු - ඉල්හාම් කිව්වේ ඡුන්දය දාන එකත් වැරදියි කියලා. මේක ඉස්ලාම් රාජ්‍යයක් නම් කමක් නැහැ කිව්වා.
 
 අධිනීතිඥ - සහෝදරිය ඒ ගැන දරපු අදහස කුමක් ද?
 
 සාක්‍ෂිකරු - ඇයත් ඔහුගේ අදහසට කැමති වූවා.
 
 අධිනීතිඥ - ඔබ ඉස්ලාම් ආගම අදහන එක ගැන ඔහු මොකද කිව්වේ.
 
 සාක්ෂිකරු - මට ඒ සඳහා උදාහරණයක් කියන්න පුළුවන්. මගේ පියා නුවර ප‍්‍රදේශයේ. මගේ පියා සිංහල බෞද්ධ අයට උදව් කළා. එය ඉල්හාම් විවේචනය කරලා ඔහුගේ මාමණ්ඩියට අවජාතකයා කියලා කිව්වා. එහෙම කරන්න එපා කියලත් කිව්වා. එම සිදුවීමෙන් පසුව යම් දුරස්වීමක් ඇති වූවා. එය සිද්ධ වූයේ 2018 දී පමණ.
 
 අධිනීතිඥ - ඥාති සහෝදරිය කුමක්ද ඒ ගැන කිව්වේ.
 
 සාක්ෂිකරු - එයා කිව්වේ එයා යන්නේ එයාගේ මහත්තයා යන පාරේ කියන එක තමයි.
 
 අධිනීතිඥ - ඔවුන් දරුවන් සම්බන්ධයෙන් කටයුතු කළේ කෙසේද?
 
 සාක්ෂිකරු - දරුවන් ගැන ආදරයෙන් සිටියා. දරුවන් පාසල් යවනවාට කැමැති වූයේ නැහැ. නිවසේ සිට අධ්‍යාපනය දිය යුතු බව තමයි කිව්වේ. චිත‍්‍රපටි බැලීම, සංගීතය වැනි දේ දරුවන්ට වැළැක් වූවා.
 
 අධිනීතිඥ - බෙහෙත් එන්නත් ගැන දරපු අදහස කුමක්ද?
 
 සාක්ෂිකරු - එන්නත් කිරීම වැරදියි කියන අදහසේ තමයි සිටියේ.
 
 අධිනීතිඥ - නැගණිය සමාජ මාධ්‍ය සමග කටයුතු කළාද?
 
 සාක්ෂිකරු - ෆේස්බුක් එකේ නැහැ කියලා කිව්වා.
 
 අධිනීතිඥ - දුරකථනයක් භාවිතා කළාද? වට්ස්ඇප් භාවිතා කළාද?
 
 සාක්ෂිකරු - මිය යන තුරුම වට්ස්ඇප් භාවිතා කළා.
 
 අධිනීතිඥ - අවසාන වරට හමු වූයේ කවදාද?
 
 සාක්ෂිකරු - මාර්තු මාසයේදී
 
 අධිනීතිඥ - මොනවද කතා කළේ?
 
 සාක්ෂිකරු - විශේෂයෙන් මොකුත් කතා කළේ නෑ.
 
 අධිනීතිඥ - වෙනසක් දුටුවාද?
 
 සාක්ෂිකරු - නැහැ
 
 අධිනීතිඥ - 2019 අපේ‍්‍රල් 19 වන දිනය ඔබට මතකද?
 
 සාක්ෂිකරු - ඔව්.
 
 අධිනීතිඥ - නැගණිය ෆාතිමා ජිෆාරිගේ මව සිටියේ කොහේද?
 
 සාක්ෂිකරු - ඇයගේ නිවසේ
 
 අධිනීතිඥ - ඇය එදින කොහේ හරි ගිහින් තිබෙනවාද?
 
 සාක්ෂිකරු - නංගි හඬමින් කතා කරලා එන්න කියලා තිබෙනවා. ඇයි කියලා අහලා තිබෙනවා. කියන්න බෑ එන්න කියලා තිබෙනවා.
 
 අධිනීතිඥ - අම්මා මොකද කරලා තිබෙන්නේ.
 
 සාක්ෂිකරු - පලතුරු සහ කේක් අරගෙන 10.30 ට පමණ මහවිල නිවසට ගිහින් තිබෙනවා. මරදානේ පිහිටි නිවසේ සිට තනියම තමයි ගිහින් තිබෙන්නේ.
 
 අධිනීතිඥ - එම දුරකථන ඇමතුම ලැබෙන විට බෝම්බ ප‍්‍රහාර එල්ල වී තිබුණාද?
 
 සාක්ෂිකරු - ඔව්. බෝම්බ පුපුරා තිබුණා.
 
 අධිනීතිඥ - ඉල්හාම් ඔබලා විවේචනය කළේ ක-ුමක් කියලාද?
 
 සාක්ෂිකරු - පොල් මුස්ලිම් කියලා කිව්වා. ඒ කියන්නේ ඇතුළේ මොකුත් නැහැ කියලා කිව්වා.
 
 විනිසුරුතුමා - ලංකාවේ ෂියා, සුන්නි, තවුහිද් ජමාත් වැනි විවිධ මුස්ලිම් කණ්ඩායම් සිටිනවා. ඉල්හාම් සිටියේ කු-මන පාර්ශ්වයේද?
 
 සාක්ෂිකරු -- එයා කිව්වේ ඒ ඔක්කෝම වැරදියි කියලා. බේරුවල ඉන්න අයකු වැරදියි කියලා කිව්වා. පාස්කු දින ප‍්‍රහාරයෙන් පසුව තමයි ඉල්හාම් තවුහිද් ජමාත් කියලා දැන ගත්තේ.
 
 අධිනීතිඥ - බෝම්බ ප‍්‍රහාරවලින් මියගිය අය අතරින් ඉල්හාම් කවුද වැඩියෙන් ආශ‍්‍රය කළේ.
 
 සාක්ෂිකරු - එයාගේ අයියා ගැන පමණයි මම දන්නේ.
 
 විනිසුරුතුමා - ඉල්හාම් පල්ලිවලට ගියාද?
 
 සාක්ෂිකරු - මම අහල තිබෙනවා ඇයි පල්ලි එන්නේ නැත්තේ කියලා. නංගිගෙනුත් අහලා තිබෙනවා. තනියෙන් කර ගන්නවා කියලා තමයි කිව්වේ.
 
 විනිසුරුතුමා - මේ පිළිබඳව සොයා බලන්න මැදිහත් වූයේ නැද්ද?
 
 සාක්ෂිකරු - ඉල්හාම් තාත්තාගේ බිස්නස්වලින් ඉවත් වූවා. නංගිත් එක්ක හොඳින් සිටිය නිසා ඒ පවුලේ ප‍්‍රශ්න ඇති වේවි කියලා ඊට මැදිහත් වූයේ නැහැ.
 
 විනිසුරුතුමා - නංගි වැරදි පාරක යන බව දැනුවත් නැද්ද?
 
 සාක්ෂිකරු - මේ වගේ ත‍්‍රස්තවාදී කටයුතුවල යෙදෙන බව දැන ගෙන සිටියේ නැහැ. දැන ගෙන සිටිය නම් ඔවුන් බේරා ගැනීමට කටයුතු කරනවා. එසේ වූවා නම් තාත්තා නීතිඥයන් සමග කටයුතු කරලා ඔවුන් බේරා ගනීවි.
 
 අධිනීතිඥ - නංගිට අම්මා සමග කතා කිරීමට පුළුවන් වෙලා තිබෙනවාද?
 
 සාක්ෂිකරු - අම්මා අහල තියෙනවා ඇයි දුකින් ඉන්නේ කියලා 21 වැනිදා උදේ 1.00 ට පමණ ඇවිත් බාබා වඩා ගෙන හඬලා ගිහින් තිබෙනවා. ඉන්පසුව දුරකථනයෙන් කතා කරන්නේ නැහැ කියලා නංගි කියලා තිබෙනවා.
 
 එම නිවසේ සිටින අය අම්මාට කෑම කන්න කතා කරලා තිබෙනවා. එම නිසා අම්මා එම ස්ථානයෙන් ඉවත් වී තිබෙනවා. එම අවස්ථාවේදී තමයි බෝම්බය පුපුරලා තිබෙන්නේ. අම්මාට මොකද්ද වුණේ කියලා අදහසක් නෑ. ඇය පාරට ඇවිත් ගෙදර ඇවිත් තිබෙනවා.
 
 විනිසුරුතුමා - ඔබගේ නැගණිය සහ ඇයගේ සැමියා වන ඉල්හාම් කළ කි‍්‍රයාව ගැන මොකද සිතෙන්නේ.
 
 සාක්ෂිකරු - අපි එය පිළිගන්නේ නැහැ. ඒ අය සිතලා තිබෙන්නේ හොඳ දෙයක් කරන්නේ කියලා. නමුත් ඔවුන් කරලා තිබෙන්නේ විනාශයක්.
 
 අපි නම්බුකාර විධියට මේ රටේ සිටියා. ඔවුන් රටත් ජනතාවත් අපහසුතාවට පත් කළා. මෙය කවුරු කළත් නැති කළ යුතු බවයි මගේ අදහස.
  

 

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles