Divaina - උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග‍්‍රහයෙන් සිතුල්පව්ව ආලෝක පූජාව මෙවරත් පොසොන් පෝදා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

දෙබරවැව - ඒ. ඒ. පේමසිරි
 
sithula135උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග‍්‍රහයෙන් වාර්ෂිකව සිදු කෙරෙන සිතුල්පව්ව ආලෝක පූජාව මෙවරද පොසොන් පුර පසළොස්වක පොහෝ දින (ජුනි මස 05 වැනිදා* අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. උපාලි සමූහ ව්‍යාපාරයෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගි වෙති.
 
 සිතුල්පව්ව රාජමහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පිංකම සංවිධානය කෙරේ.
 
 ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවලින් එකක් ලෙස සැලකෙන සිතුල්පව්ව රාජ මහා විහාරස්ථානයේ විදර්ශන ධුරය දැරූ භික්ෂුන් වහන්සේලාගේ මූලස්ථානය විය. එහෙයින් පුරාණයේදී රහතුන් වහන්සේලා දොළොස් දහසක් ද මෙම පුණ්‍ය භූමියෙහි වාසය කළ බව පුරාවෘත්තවල ස`දහන් වෙයි.
 
 චිත්තලපබ්බත හෙවත් සිතුල්පව්ව සිත්ගත් පර්වතය යන අර්ථය ගෙනදෙයි. පැතිරී ඇති තැනිතලා ප‍්‍රදේශයක මතුවූ පර්වත භූමියක් වූ මෙම පිංබිම ඕනෑම කෙනකුගේ සිත් ගන්නා සු`ඵ රමණීය පරිසරයකින් යුක්තය.
 
 මෙහි එන ඕනෑම කෙනකු ක`දු පියසට පියමං කළ විට සිතේ පහන් බව නිරායාසයෙන්ම ඇතිවෙයි. සිතේ පහන් බව ඇතිකර ගන්නේ නම් උස් මනසක් කරා ළ`ගාවීමට මෙම පියස තෝතැන්නක් වනු නොඅනුමානය.
 
 රුහුණු ජාතික වනෝද්‍යානයෙහි වන මැද පිහිටා ඇති මෙම පිං බිමෙහි වැඩවාසය කළ ස්වාමින්ද්‍රයන් වහන්සේලා එදා මෙන් අදත් ඓතිහාසික තිස්සමහාරාම හා කිරිවෙහෙර වැනි පුණ්‍යස්ථානවල වැඩ වාසය කරන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සමග නිරතුරුවම සබ`දතාවක් පවතී. මෙය තිස්සමහාරාම ඓතිහාසික කිරින්ද විහාරස්ථානයට ද ආසන්නයෙහි පිහිටා තිබේ.
 
 විහාරමහාදේවිය නිතරම වතාවත් සඳහා සහභාගි වූ ඓතිහාසික විහාරස්ථානයක් ලෙස ඉතිහාසයෙහි ස`දහන් වන්නේ ද මෙම සිතුල්පව්ව රජමහා විහාරයයි.
 
 රුවන්වැලි සෑයේ ආකෘතිය ද මෙම සිතුල්පව්ව චෛත්‍යයේ ආකෘතිය අනුව ගොඩනැගූවක් බවට පුරාවිද්‍යාත්මක මතයක් පවතින අතර, වැඩිහිටියන් අදටත් මෙය හඳුන්වනු ලබන්නේ පුංචි මිහින්තලය යනුවෙනි.
 
 මේ හැම කරුණකින්ම තහවුරු වන්නේ සිතුල්පව්ව බෞද්ධයින්ගේ අතිපූජනීය බෞද්ධ මධ්‍යස්ථානයක්ව පැවැති බවය.
 
 කාවන්තිස්ස රජ දවස සිට අද දක්වාම මෙත් සිහිලෙන් සිත් සැනසූ මෙම පුණ්‍ය භූමියෙහි ආලෝක පූජාව උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග‍්‍රහයෙන් මෙවර පවත්වනු ලබන්නේ තිස්තුන් වැනි වරටය.
  

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles