Divaina - රනිල්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති රැස්වීමට රෝසි ඇවිත් නෑ... එජාපයේ ජයග‍්‍රහණයට කැපවීමට කොළඹ නගර සභා එජාප මන්තී‍්‍රහු තීරණය කරති

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

rosti1333ඉදිරි මහ මැතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් උපරිම අයුරින් කැපවෙන බව කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත‍්‍රීවරුන් බහුතරය තීරණය කර ඇත. ඒ සඳහා විශේෂ හමුවක් පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (01දා) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. මේ සඳහා නගර සභා මැතිවරණයට අලියා ලකුණින් තරග කර තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් 60 දෙනාගෙන් 58 දෙනකුම සහභාගි වී සිටි අතර නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සහභාගී නොවීම විශේෂත්වයක් විය.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරවීම සඳහා කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ සියලූම නාගරික මන්ත‍්‍රීවරුන් උපරිම කැපවීමෙන් යුතුව ක‍්‍රියා කළ යුතු බවටත් සහ සමගි ජන බලවේගය හෝ වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමකට වක‍්‍රව හෝ සෘජුව සිය සහයෝගය ලබනොදිය යුතු බවටත් වූ යෝජනාවක් මෙහිදී කණ්ඩායම් සංවිධායක ටයිටස් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ අතර නියෝජ්‍ය නගරාධිපති මොහමඞ් ඉක්බාල් මහතා විසින් එම යෝජනාව ස්ථිර කරන ලදී.

ඒ අනුව සහභාගි වූ සියලූම නාගරික මන්ත‍්‍රීවරුන් අත් ඔසවා යෝජනාවට සහාය පළ කළ අතර යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.

නාගරික මන්ත‍්‍රීවරුන් සියලූ දෙනා ඒකමතිකව එක්සත් ජාතික පක්ෂය දිනවීමට කැපවී ක‍්‍රියාකිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය ස්තුතිය නාගරික මන්ත‍්‍රීවරුන් වෙත පුද කළ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතීතයේ සිට සැමදාම තමන් සැමවිටම ක‍්‍රියා කළේ පක්ෂය ආරක්ෂා කිරීමට බව ප‍්‍රකාශ කළේය. සජිත් ඇතුළු කණ්ඩායමට කිසිදු අවස්ථාවක තවත් දේශපාලන පක්ෂයක් සෑදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතියක් ලබා නොදුන් බවත් සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡුා කළ බවත් ප‍්‍රකාශ කළේය.

හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, බොරැුල්ල සංවිධායක ඒ .එස්. පී. ලියනගේ යන මහත්වරුන් ඇතුළු ක‍්‍රියාකාරීහු රැුසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

අකිත පෙරේරා
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles