Divaina - විභාගයට ගැනීමට අවසර නොදී ඡන්ද පෙත්සම් ඉවතට... පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඒකමතික තීරණයක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඒ. ජේ. ඒ. අබේනායක
 
aga111පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු 2 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය හා ලබන 20 වැනිදා 9 වන පාර්ලිමේන්තුවට නව මන්තී‍්‍රවරුන් තෝරාපත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප‍්‍රතික්‍ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (2) ඒකමතිකව තීරණය කළේය.
 
 එකී පෙත්සම් සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතා සිය විනිසුරු මඩුල්ලේ බහුතර එකඟතාවය අනුව ප‍්‍රතික්‍ෂේප කිරීමට තීරණය කර ඇතැයිද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එහිදී විවෘත අධිකරණය හමුවේදී පැවැසීය.
 
 කෙසේ නමුත් එකී තීරණවලට හේතුපාදක වූ කරුණු කිසිවක් අධිකරණය විසින් විවෘත අධිකරණය හමුවේදී අනාවරණය කිරීමක් සිදු නොකිරීමද එකී නියෝගය නිකුත් කිරීමේදී දක්නට ලැබුණු විශේෂත්වයක් විය.

pancha111
 
 එම පෙත්සම් සම්බන්ධයෙන් නියෝගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, පි‍්‍රයන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඊයේ (2 දා* පස්වරු 3.15 ට පමණ නිකුත් කරනු ලැබිණි.
 
 නීතිඥ චරිත ගුණරත්න, සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කර තිබූ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප‍්‍රනාන්දු හා එස්. තුරෙයිරාජා යන තී‍්‍ර පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී පසුගිය 11 වැනිදා මුල්වරට කැඳවිණි. එදින තී‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල ලබාදුන් තීරණයක් අනුව පසුගිය 18 වැනිදා සිට පෙරේදා (1 දා* දක්වා පුරා දින දහයක් එකී පෙත්සම් සලකා බැලීම සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් නියෝගය ඊයේ පස්වරුවේ නිකුත් කිරීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ල පියවර ගත්හ.
 
 දැඩි මහජන උනන්දුවක් සහිත කරුණක් සම්බන්ධනේ ඉදිරිපත් කළ එකී පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත් පෙත්සම් විභාගය අවසන් වනතුරු මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ප‍්‍රමුඛ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
 
 ඒවා විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප‍්‍රතික්‍ෂේප කරන ලෙස එම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර තිබූ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කළ නීතිඥවරුන් ඉල්ලා සිටියහ. පෙත්සම්කාර පාර්ශ්වයේ එකී ඉල්ලීම්වලට කිිසිදු නෛතික පදනමක් නොමැති බැවින් එකී පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබානොදෙන ලෙස මහාචාර්ය පණ්ඩුල ඇඳගම මහතා ප‍්‍රමුඛ අතරමැදි පාර්ශ්වකරුවන් 15 දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලීම් කළහ.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles