Divaina - ලබන සඳුදා සිට පොදු ප‍්‍රවාහන සේවා සාමාන්‍ය තත්ත්වයට...

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


අකිත පෙරේරා
 
busuesමහජන හැසිරීම සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා (08දා) සිට දුම්රිය සහ බස් රථ ඇතුළු සියලූම පොදු ප‍්‍රවාහනය සාමාන්‍ය අන්දමින් පවත්වා ගෙන යෑමට මගී ප‍්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.
 
 ප‍්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී ඊයේ (02* දා පෙරවරුවේදී ප‍්‍රවාහන බලධාරීන් සමග පැවැති විශේෂ සාකච්ඡුාවේදී මේ බව තීරණය වී තිබේ.
 
 මෙම විශේෂ සාකච්ඡුාව සඳහා ලංගම සභාපති, ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහභාගි වී ඇත. එහිදී ගනු ලැබූ තීරණ අනුව ලබන සඳුදා සිට දුම්රිය සහ බස් රථ ඇතුළු පොදු ප‍්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමේදී මතුවන ගැටලූ පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර ඇත.
 
 ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොවිඞ් 19 වසංගත තත්ත්වය සහ සෞඛ්‍ය අංශ විසින් ලබා දෙනු ලබන උපදෙස් සැලකිල්ලට ගනිමින් සියලූම පොදු ප‍්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යෑමට තීරණය කර තිබේ.
 
 මෙහිදී බස් රථ සඳහා ආසන ගණනට පමණක් මගීන් ප‍්‍රවාහනය අනිවාර්ය කර ඇත. ඒ සඳහා දැනට තිබෙන පෞද්ගලික සහ ලංගම බස් රථ උපරිමයෙන් ධාවනය කිරීමට පියවර ගත යුතු බවට ද ඇමැතිවරයා උපදෙස් දී තිබේ.
 
 ඊට අමතරව පාසල් ප‍්‍රවාහන බස් රථ, විනෝද හෝ වන්දනා ගමන් සඳහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි කිරීම් සඳහා බලාපොරොත්තු ලේඛනයේ් ඇති සියලූ බස් රථ තාවකාලිව මගී ප‍්‍රවාහනය සඳහා යෙදවීමට ද තීරණය වී තිබේ. කෙසේ වෙතත් හැකිතාක් තම ගමන් බිමන් අත්‍යවශ්‍ය ඒවා සඳහා පමණක් සීමා කරන්නැයි මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles