Divaina - ඡන්ද දිනය තීරණයට කොමිසම අද රැස් වෙයි.... ඡන්ද පති‍්‍රකා මුද්‍රණයත් ඇරැඹෙයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

රනිල් ධර්මසේන
 
 makka135පාර්ලිමේන්තු මහ මැතිවරණ ඡන්ද විමසීමේ දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (03 දා) පෙරවරුවේ රැස්වීමට නියමිතය.
 
මැතිවරණ දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩුවේ තීන්දුව ඊයේ (02 දා) ප‍්‍රකාශයට පත් වූ අතර ඊට අනුව අවශ්‍ය තීරණ ගැනීමට කොමිසම රැස් වන බව මැතිවරණ කොමිසමේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.
 
 මේ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය ජූලි මස අග හෝ අගෝස්තු මුල් සතියේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
 
 මේ අතර මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීම පිළිබඳව ද කොමිසමේදී අද අවසන් තීරණයක් ගනු ඇතැයි වාර්තා වේ.
 
 මැතිවරණයට අදාළ ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීමේ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අද ආරම්භ කරන බව ද වාර්තා වෙයි.
 
 නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණයට අවශ්‍ය සියලූ උපදෙස් මැතිවරණ කොමිසම විසින් මීට පෙර ලබාදී තිබූ අතර ඊයේ ලබාදුන් නඩු තීන්දුව අනුව එහි මුද්‍රණ කටයුතු ආරම්භ වන බව ද වාර්තා වෙයි.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles